ඉන්දියාව හමුවෙත් ශ්‍රී ලංකාව පසුබසුයි
- 2019-07-07 10:28:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසන් තරගයෙන්ද ඉන්දියාව හමුවේ කඩුලු හතක පරාජයක් ලැබිය.
ඒ අනුව තම අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලියට ක්‍රිඩා කළ ලසිත් මාලිංගගේ එක්දින ලෝක කුසලාන සමුගැන්මද පරාජයකින් අවසන්විය.
ලීඩ්ස් පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නේය.
ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේදි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ට ලකුණු 264ක් රැස්කළේය. ඇන්ජලෝ මැතිව්ස් ශතයක් (113) වාර්තා කළ අතර ළහිරු තිරිමාන්න අර්ධ ශතකයක් (53) රැස්කළේය.
ලකුණු 264ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43.3කදී කඩුලු තුනක් පමණක් දැවි එම ඉලක්කය (256/3) පසුකර ගියේය. ආරම්භක පිතිකරුවන් වූ ලෝකේෂ් රාහුල් (111), රෝහිත් ශර්මා (103) ශතක රැස්කළහ.
තරගයේ වීරයා ලෙස රෝහිත් ශර්මා සම්මාන ලැබීය.
Reply To:
Name - Reply Comment
0 Comments