ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු මහේල..?
- 2017-06-26 15:01:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ඉදිරිපත් වනු ඇතැයි ‘ඉන්දියා ටුඬේ’ පුවත් පත කියයි. මහේල ජයවර්ධන මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ටොම් මූඩි මහතාත් ;තනතුර සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන බවත් එහි සඳහන්ය. ඉන්දීය පිලේ හිටපු පුහුණුකරු අනිල් කුම්බල් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය පුරප්පාඩු විය. ඉන්දීය කණ්ඩායම මේ වන විට බටහිර ඉන්දීය දූපත් සමූහයේදී එක්දින තරගාවලියකට සහභාගි වෙමින් සිටින අතර ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ විස්සයි:20 තරග දෙකක් ඇතුළත් වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments