ඉනියෙස්ටා ජාත්‍යන්තර පිටියට සමුදෙයි
- 2018-07-03 11:39:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ස්පාඤ්ඤ කණ්ඩායම හා සත්තාරක රුසියා කණ්ඩායම අතර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ පැවැති තරගය ස්පාඤ්ඤය පරාජයට පත්වීමත් සමගින් ස්පාඤ්ඤයේ ප්‍රභල ක්‍රීඩක අන්ඩ්‍රෙස් ඉනියෙස්ටා ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදීමට තීරණය කර තිබේ.
ඊයේ (01දා) පැවැති තරගයෙන් දඬුවම් පහර වටයේදී ස්පාඤ්ඤ කණ්ඩායම 3-4ක් ලෙස රුසියාව ඉදිරියේ පරාජයට පත්විය. 34 හැවැරිදි ඉනියෙස්ටා 2010 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ස්පාඤ්ඤ ජයග්‍රහණය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තාකළ ක්‍රීඩකයාද වෙයි.
“ඒක යථාර්තයි. එය මගේ ජාතික කණ්ඩායම සමගින් අවසන් තරගයි” යැයි ඔහු ප්‍රකාශ කයි.
2006 වසරේදී ස්පාඤ්ඤය නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියට පිවිසි ඉනියෙස්ටා 2008 හා 2012 වසරේදී යුරෝපා කුසලානය ස්පාඤ්ඤයට දිනා දීම වෙනුවෙන්ද මෙහෙයක් ඉටුකළ ක්‍රීඩකයෙකි.
Reply To:
Name - Reply Comment
0 Comments