Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද වයස 16 න් පහළ සමස්ථ ලංකා අන්තර්පාසල් පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය. ඒ අවසන් තරගයේදී ගල්කිස්ස විද්‍යා විදුහල ලකුණු 22-05 ක් ලෙස පරාජයට පත් කරමිනි.

කොළඹ තුරග තරග පිටියේදී පැවති අවසන් තරගයේ පළමු අර්ධය නිමා වුයේ ද ලකුණු 17-05 ක් ලෙස ඉසිපතන විදුහල  ඉදිරියෙන් සිටිමිනි.

මෙහි පලඟ ශූරතාව හිමි වුයේ ලුම්බිණි විදුහල ලකුණු 24-00 ක් ලෙස පැරදූ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලයි.

මේ අතර බඳුන හා පළිහ ශූරතාවන් පිළිවෙලින් හිමි වුයේ බොරැල්ල වෙස්ලි හා කුරුණෑගල මලියදේව විදුහල් කණ්ඩායම් වලටයි.

මේ අතර තරගාවලියේ පළමු වතාවට පීරිසිය (Saucer) නමින්ද ශූරතාවක් පිරිනමන ලද අතර එය හිමි වූයේ මරදාන සහිරා විදුහල් කණ්ඩායමයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.