උදය - රුමේෂිකා මයිලෝ වර්ණ සම්මාන දිනති
- 2016-06-13 16:35:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යංශය සහ නෙස්ලේ ලංකා සමාගම එක්ව 24 වැනි වරටත් සංවිධානය කළ ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රීඩා ‘මයිලෝ’ වර්ණ ප‍්‍රදානෝත්සවයේ (2015) වසරේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස මේස පන්දු ක‍්‍රීඩක උදය රණසිංහද, වසරේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කෙටිදුර ධාවන ශූරී රුමේෂිකා රත්නායකද සම්මාන ලැබුහ.
මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය ඊයේ (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණ.
2015 වසරේ නැගී එන කී‍්‍රඩකයාට හිමි සම්මානය පිහිනුම් ක‍්‍රීඩක අකලංක පීරිස් දිනාගත් අතර චෙස් කී‍්‍රඩිකා දසුනි හංසිකා මෙන්ඩිස් නැගී එන ක‍්‍රීඩිකාවට ලෙස සම්මාන හිමිකර ගත්තාය.
නිර්දේශීත ක‍්‍රීඩකයන් සිවුදෙනකු අභිබවමින් දක්ෂතම ක‍්‍රීඩකයා සම්මානය දිනාගත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ වත්මන් ජාතික මේස පන්දු ශූරයායද වෙයි. දකුණු ආසියානු කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ රන් පදක්කම් ලාභියකුද වන උදය, ජාතික පාසල් ක‍්‍රීඩා උළෙලේ මෙන්ම ජාතික ක‍්‍රීඩා උළෙලේද දක්ෂතම ක‍්‍රීඩකයාට හිමි සම්මාන දිනා තිබේ.
කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ චමල් කුමාරසිරි (තුන්පිම්ම), රවිඳු හසින්ත ලක්සිරි (ස්කොෂ්), වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලේ නියොන් තරිඳු (කරාටේ) දක්ෂතම ක‍්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශිතව සිටි ක‍්‍රීඩකයෝ වුහ.
දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන ලැබු රුමේෂිකා රත්නායක, ඇසෑම් සාග් ක‍්‍රීඩා උළෙලේ මීටර 100 කාන්තා ඉසව්ව ජයගනිමින් දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව වු ක‍්‍රීඩිකාවයි. මීටර 200 ඉසව්වේදීද තරග කරන රුමේෂිකා කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ සිසුවියකි.
කොළඹ විශාඛා විදුහලේ දසුනි හංසිකා මෙන්ඩිස් (චෙස්), කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලේ මිහිලියා මෙත්සරණී (ස්කොෂ්), සපුගස්කන්ද විශාඛා විදුහලේ ප‍්‍රජා ධනංජනී (කරාටේ) සහ අම්බලන්ගොඩ ශ‍්‍රී දේවානන්ද විදුහලේ මුතුමාලී ප‍්‍රියදර්ශනී (මේසපන්දු) දක්ෂතම ක‍්‍රීඩිකා සම්මානය සඳහා නිර්දේශිතව සිටි කී‍්‍රඩිකාවෝ වූහ.
වසරේ නැගී එන ක‍්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් කොළඹ ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් පසුගියදා පැවැති ආසියානු පාසල් පිහිනුම් තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් දිනාගත් ක‍්‍රීඩකයාය. අකලංක ශ‍්‍රී ලංකා පිහිනුම් සංචිතය නියෝජනය කරන ක‍්‍රීඩකයෙකි.
මහනුවර විද්‍යාර්ථ විදුහලේ ප‍්‍රසාද් ජයසංඛ ද සිල්වා (මේසපන්දු), ගොඩකවෙල කුලරත්න විදුහලේ රොෂාන් ධම්මික රණතුංග (උස පැනීම), කොළඹ ඞී.එස්.සේනානායක විදුහලේ දිනෙත් නිම්නක නාඔටුන්න (චෙස්), ශාමිල් වාකීල් (ස්කොෂ්) සහ කුරුණෑගල මලියදේව විදුහලේ අරෝෂන් උදයන්ත අමරසිංහ (කරාටේ) යන ක‍්‍රීඩකයෝ පස් දෙනෙක්ද නැගී එන කී‍්‍රඩක සම්මානය සඳහා නිර්දේශිතව සිටියහ.
දක්ෂතම ක‍්‍රීඩිකාව සඳහා නිර්දේශිත නාමයන් අතරට ද එක්ව සිටි කොළඹ විශාඛා විදුහලේ දසුනි හංසිකා මෙන්ඩිස් නැගී එන කී‍්‍රඩිකාව සම්මානය දිනාගත්තේ පසුගිය වසරේ චෙස් ක‍්‍රීඩාවෙන් දැක්වු විශිෂ්ට දස්කම් නිසාය. දසුනි, 2015 ජාතික චෙස් ශූරිය මෙන්ම ජාතික කනිෂ්ඨ චෙස් ශූරිය ලෙස ශූරතා ද්විත්වයම දිනාගත් කී‍්‍රඩිකාවයි.
ඇය එම වසරේ තායිලන්තයේ පැවැති ලෝක පාසල් බිලිට්ස් චෙස් තරගාවලියේ කාන්තා අංශයේ තෙවැනි ස්ථාන මෙන්ම තවත් අන්තර්ජාතික තරගාවලි රැසකටම සහභාගිවීමේ වරම් හිමිකර ගත්තාය.
අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ යමානි දුලාංජලී (මීටර 400), කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ අරුණි ප‍්‍රභාති කුමාරි (කරාටේ), කොළඹ විශාඛා විදුහලේ චමත්සරා ප‍්‍රනාන්දු (මේසපන්දු), මියුසියස් විදුහලේ දිල්හාරා වික‍්‍රමසිංහ (චෙස්), මීගමුව හරිස්චන්ද්‍ර විදුහලේ හිරුණි පෙරේරා (පිහිනුම්) සහ ශාන්ත පාවුඵ බාලිකාවේ නවුෂාඞ් ඉසඞීන් (ස්කොෂ්, ටෙනිස්) යන ක‍්‍රීඩිකාවෝ හත් දෙනෙක්ද නැගී එන කී‍්‍රඩිකා සම්මානය සඳහා නිර්දේශිත ලැයිස්තුවට ඇතුළත්ව සිටියහ.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්විණ.(Lankadeepa)
Reply To:
Name - Reply Comment
0 Comments