Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එංගලන්ත පාපන්දු ඉතිහාසයේ පැවැති තවත් එක් දුර්වලතාවයක් අවසන් කරමින් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

 ඒ කොළොම්බියා කණ්ඩායම දඬුවම් පහර වටයකින් පරාජයට පත්කරමිනි.

එංගලන්ත පාපන්දු ඉතිහාසයේදී ප්‍රධාන පෙළේ පාපන්දු තරගාවලියන්හිදී ඔවුන්ට දඬුවම් පහර වටයන්හි ජය ගැනීමට හැකිව තිබෙන්නේ අල්ප ලෙසිනි. කෙසේ වෙතත් ඊයේ (03දා) රුසියාවේදී එම දුර්වලතාවයෙන් මිදීමට එංගලන්තය සමත්විය.

තරගයේ පළමු අර්ධයේදී කිසිම කණ්ඩායමකට ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර දෙවැනි අර්ධයේ 57 වැනි විනාඩියේදී එංගලන්ත ක්‍රීඩක හැරී කේන් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගත්තේය.

කෙසේ වෙතත් කොළොම්බියා කණ්ඩායමේ මිනා 93 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් තරගය සම කළේය. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීමට දඬුවම් පහර වටයට පිවිසි අතර එහිදී අවස්ථා එංගලන්තය අවස්ථා 4ක් සාර්ථක කර ගනිද්දී කොළොම්බියාවට සාර්ථක කර ගැනීමට හැකිවූයේ අවස්ථා තුනක් පමණි. ඒ අනුව තරගයේ ජය එංගලන්තයට හිමිවිය.

එංගලන්තය ලෝක කුසලාන තරගාවයේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවේ 2006 වසරෙන් පසුවය.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.