එංගලන්ත දෙවැනි රග්බි ක්‍රීඩකයාත් ජීවිතක්ෂයට
- 2018-05-16 12:27:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ සංචාරය කළ එංගලන්තයේ ඩරම් ප්‍රාන්ත රග්බි කණ්ඩායමේ රග්බි ක්‍රීඩකයන් දෙදෙනෙක් අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අනෙක් රග්බි ක්‍රීඩිකයාද ජීවතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින විට මෙසේ ජීවිතක්ෂයට පත්විය.
බෙට් තෝමස් රීඩ් නම් 27 හැවැරිදි රග්බි ක්‍රීඩකයෙක් මෙසේ මියගොස් ඇත.
හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් ඔහු හා තවත් ක්‍රීඩකයෙක් ඉරිදා රෝහල් ගත කර තිබූ අතර එයින් එක් ක්‍රීඩකයෙක් ඉරිදා දිනයේදීම මියගියේය. ඊයේ දිනයේදි මිය ගියේ අනෙක් රග්බි ක්‍රීඩකයායි.
මේ අතර 13 දා මියගිය හාවඩ් තෝමස් නම් රග්බි ක්‍රීඩකයාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද කොළඹ අධිකරණ වෛද්‍ය නිලෂෘරී එම්.එන්. රූහුල් හක් මහතා විසින් සිදුකර තිබේ.
එම මරණය තුවාල සිදුවීමකින් හෝ රෝගයකින් සිදුවූ මරණක් නොවන බවට තීන්දු කර විවෘත තීන්දුවක් ලබාදි ඇති අතර සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක වෙත යැවීමට තීරණය කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments