Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ එක්දින තරගාවලි පරාජයක් වැළඳ ගනිමින් දෙරට අතර ඩර්බන්හි ඊයේ (10දා) පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 71ක (ඩ/ලු) පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ අනුව තරග පහකින් යුත් එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස තවත් තරග 02ක් ඉතිරිව තිබියදී ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලි ජයකට (පළමු ටෙස්ට් තරගය) මඟපාදා දුන් කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 332ක අසීරු ඉලක්කයක් හිමිවිය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව පන්දුවාර 16ක් ක්‍රීඩා කරමින් සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය නතර කිරීමට සිදුවිය.

පැය දෙකකට වැඩි කාලයක් නතරකර තැබූ තරගය පන්දුවාර සංඛ්‍යාව අඩුකර නැවත ආරම්භකළ අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 24කදී ලකුණු 193ක ඉලක්කයක් හිමිවිය. කෙසේ නමුත් තරගය නතර කරන විට පන්දුවාර 16කට ක්‍රීඩාකර සිටි ශ්‍රී ලංකාව, කඩුලු 02ක් දැවී ඒ වනවිට ලකුණු 75ක්  රැස්කරගෙන සිටියේය. ඒ හේතුවෙන් තවත් පන්දුවාර 08කදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා අසීරු ලකුණු 118ක් අවශ්‍යව තිබුණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී කඩුලු 05ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121ක් පමණි. ජයග්‍රහණය නොපෙනෙන මානයේ සිටි ශ්‍රී ලංකා ඉනිමට යම් බලාපොරොත්තුවක් එක්කළ කුසල් මෙන්ඩිස් ලකුණු 41ක් රැස්කිරීමට සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 331ක් රැස් කළේය.

මුළු ලකුණු සංඛ්‍යාව 24ක් වනවිට දකුණු අප්‍රිකානුවන්නේ ප්‍රථම කඩුල්ල ලෙස රීසා හෙන්ඩ්‍රික්ස් දවා ගැනීමට ඉසුරු උදාන සමත්වුවද, ඔහුගේ දැවීයාමෙන් පසු පිටියට විසිස නායක ෆෆ් ඩු ප්ලෙසිස් සමගින් එක්ව වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් දෙවැනි කඩුල්ලට ලකුණු 97ක සබඳතාවක් ගොඩනැගූහ. ඒ සඳහා ඔවුනට වැයවූයේ පන්දුවාර 10ක් පමණි.

දෙවැනි කඩුල්ල ලෙසින් ද.අප්‍රිකානු නායක ඩුප්ලෙසිස් ලකුණු 36කට දැවී ගියේය. මුළු ලකුණු සංඛ්‍යාව 187ක් වන විට ඔවුන්ගේ තෙවැනි කඩුල්ල ලෙසින් ඩි කොක් දැවීගියේය. කෙසේ නමුත් පළමු සහ දෙවැනි එක්දින තරගවලදී අවසානාවන්ත ලෙස වාර්තා කිරීමට නොහැකි වූ ශතකය මෙම තරගයේදී ඩි කොක් වාර්තා කල අතර, පන්දු 108කට මුහුණදුන් ඔහු හයේ පහර 02ක් සහ හතරේ පහර 16ක් සමගින් ලකුණු 121ක් රැස් කළේය.

ඩි කොක් සහ වැන් ඩර් ඩුසෙන් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 66ක සබදතාවක් ගොඩනැගූ අතර, ඉණිමේ සිව්වැනි කඩුල්ල මුළු ලකුණු 231ක් වනවිට ඩුසෙන් දැවීගියේය. ඒ වනවිට ඔහු පන්දු 67දී හතරේ පහර 03ක් සමගින් ලකුණු 50ක් රැස්කරගෙන සිටියේය. මෙම කඩුල්ලේ හිමිකරුවා කමිඳු මෙන්ඩිස් වූ අතර, සිය කුළුඳුල් එක්දින තරගයට ක්‍රීඩාකරමන කමිදුගේ පළමු කඩුල්ල එයවිය.

දකුණු අප්‍රිකානු පසුපෙළ ශක්තිමත්කළ ඩේවිඩ් මිලර්, ඇන්ඩිලේ පෙලුක්වායෝ සමගින් එක්ව අවසන් පන්දුවාර 10දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලකුණු 99ක් උදුරා ගත්තේය. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීමද ද.අප්‍රිකානුවන්ට සහායක් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන කඩුලු 02ක් දවා ගත් අතර මාලිංග, කමිඳු සහ රාජිත එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

තරගයේ වීරයා ලෙස ක්වින්ටන් ඩි කොක් සම්මාන දිනාගත්තේය.

දකුණු අප්‍රිකාව 331/5 (පන්දුවාර 50)

ක්වින්ටන් ඩි කොක් 121 (108, 4x16, 6x2), රසී වැන් ඩර් ඩුසන් 50 (67, 4x3), ඩේවිඩ් මිලර් නොදැවී 41 (46, 4x3), ඇන්ඩිලේ පෙලුක්වායෝ නොදැවී 38 (15, 4x5, 6x1), ඉසුරු උදාන 2/50 (8), කමිඳු මෙන්ඩිස් 1/45 (10)

ශ්‍රී ලංකාව 121/5 (පන්දුවාර 24)

කුසල් මෙන්ඩිස් 41 (31, 4x4, 6x2), ඕෂධ ප්‍රනාන්දු 25 (44, 4x3), අවිෂ්ක ප්‍රනාන්දු 23 (26, 4x4), ඉම්රාන් තහීර් 2/19 (5), කාගිසෝ රබාඩා 1/18 (6), ලුන්ගි එන්ගිඩි 1/25 (5)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.