එක්දින පිලෙන් මාලිංග හැලෙයි
- 2017-10-05 09:31:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔක්තෝම්බර් 13 වනදා ආරම්භ වන සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. පහලොස් දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා උපුල් තරංගය. ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග සංචිතයට ඇතුළත් කර නොමැත. මැතිව්ස් ඉවත් කර ඇත්තේ ආබාධය හේතුවෙන්. ලසිත් මාලිංගට විවේකයක් ලබාදීමට සංචිතයට ඇතුළත් කර නොමැති බව වාර්තවේ.
කණ්ඩායමේ සෙසු පිතිකරුවන් ලෙස දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදරත්, නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස නම් කර සිටී. මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා හා සීක්කුගේ ප්‍රසන්න තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත්ය.
වේග පන්දු යවන්නන් ලෙස නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර හා විශ්ව ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් කර සිටී. දඟ පන්දු යවන්නන් ලෙස අකිල ධනංජය හා ජෙෆ්රි වෙන්ඩර්සේ සංචිතයට ඇතුළත්ය. ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එක්දින තරග 5 ක් පැවැත්වීමට නියමිතයි.
(තිලක් ඉන්දික සෙනෙවිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments