Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මූලිකත්වය ගත් පරමවිඥානාර්ථ සමාගම විසින් ශ්‍රී ලංකාව පුරා ආරම්භ කරනු ලැබූ ප්‍රධාන බෞද්ධ විද්‍යාල අතර වාර්ෂිකව සංවිධානය කරන බැඩ්මින්ටන් තරගාවලිය මෙවර පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සංවිධාන දායකත්වයෙන් හෙට (21දා) පෙරවරු 8.00 ට පන්නිපිටිය ධර්මපාල ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට නියමිතය.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතාගේ උපදෙස් මත පාසල් සංවර්ධන සමිතිය සහ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මෙම බැඩ්මින්ටන් තරගාවලිය සංවිධාන කරයි. 

තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රධාන බෞද්ධ පාසල් වන කොළඹ ආනන්ද, කොළඹ නාලන්ද, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, අම්බලන්ගොඩ ධර්මාශෝක, මාතර රාහුල, ගාල්ල මහින්ද හා සත්කාරක පන්නිපිටිය ධර්මපාල විද්‍යාල සහභාගි වෙති.

මීට පෙර වසරවල මෙම තරගාවලිය පවත්වනු ලැබුවේ, කොළඹ නාලන්ද, මහනුවර ධර්මරාජ, කොළඹ ආනන්ද, කුරුණෑගල මලියදේව, මාතර රාහුල හා අම්බලන්ගොඩ ධර්මාශෝක යන විදුහල්වල දායකත්වයෙනි.

මෙවර තරගාවලියේ විශේෂත්වය වන්නේ මෙම පාසල් 08 තුළ මිශ්‍ර පාසල් දෙකක් ලෙස සැලකෙන අම්බලන්ගොඩ ධර්මාශෝක හා පන්නිපිටිය ධර්මපාල යන පාසල්වල බාලිකාවන්ටද තරගාවලියට ඉදිරිපත්වීමට අවස්ථාවක් ප්‍රථම වරට උදාවී තිබීමය. මෙම තරගය සුහද තරගයක් ලෙසින් පැවැත්වේ.

බැඩ්මින්ටන් තරගාවලියේ සමාරම්භක උත්සවය  පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සජිත් විපුල මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, සමාප්ති උලෙළ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් මංජුල කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.