ඕල්කට් අනුස්මරණබැඩ්මින්ටන් තරගාවලියේ ශූරතාව ආනන්දයට
- 2017-10-25 11:22:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මූලිකත්වය ගත් පරමවිඥානාර්ථ සමාගම විසින් ශ්‍රී ලංකාව පුරා ආරම්භ කළ ප්‍රධාන බෞද්ධ විද්‍යාල අතර වාර්ෂිකව සංවිධානය කරනු ලබන බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය විසින් දිනාගන්නා ලදී. අනුශූරතාව කොළඹ නාලන්දා විද්‍යාලය දිනාගත්තේය.
7 වැනි වරටත් පැවැත්වූ බැඩ්මින්ටන් තරගාවලිය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ දී පැවති අතර තරගාවලියේ සත්කාරකත්වය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය දරනු ලැබීය.
තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රධාන බෞද්ධ පාසල් වන කොළඹ ආනන්ද, කොළඹ නාලන්ද, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, අම්බලන්ගොඩ ධර්මාශෝක, මාතර රාහුල, ගාල්ල මහින්ද හා පන්නිපිටිය ධර්මපාල විදුහල සහභාගි විය.
විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතාගේ උපදෙස් මත සංවිධානය වූ බැඩ්මින්ටන් තරගාවලියේ සමාප්ති උලෙළ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් මංජුල කාරියවසම්, ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සජිත් විපුල මහතාමහතාගේ ප්‍රධානත්වයෙන් පැවිත්විණි.
තරගාවලියේ ශූරතාව දිනාගත් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම් නායක හා අනුශූරතාව දිනාගත් නාලන්ද විද්‍යාලයීය කණ්ඩායම් නායක අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ කර්නල් මංජුල කාරියවසම් මහතා අතින් ජයග්‍රාහී කුසලාන දිනාගත් අයුරු ඡායාරූපවලින් දැක්වේ. ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න හා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති දුමින්ද සංජීව බාලසූරිය යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.
නදීෂ් දික්කුඹුර
Reply To:
Name - Reply Comment
0 Comments