Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් ලෝකයට දායාද කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ලෝක කුසලානය දිනාදුන් නායකයෙකු වන ක්ලයිව් ලොයිඩ්ට නයිට් පදවිය (ශ්‍රීමත්) පිරිනැමීමට නියමිතය.

මීට අමතරව දෙවැනි එලිසබෙත් රැජිනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ගරුනාම ලබාදීමේ උත්සවයේදී මෙවර එක්දින ලෝක කුසලානය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් සහ අවසන් තරගයේ වීරයා වූ බෙන් ස්ටෝක්ස් මෙන්ම ඔහුගේ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ද එලඹෙන වසරේදී බ්‍රිතාන්‍ය ගෞරව ලබන්නන්ගේ නාමලේඛනයට ඇතුළත් වී සිටිති.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනස්ම තලයකට ගෙන ගිය එක්දින තරග රටාවේ ප්‍රවීණයෙකු වූ ලොයිඩ්, 1975 සිට 1984 දක්වා කොදෙව් පිලේ නායකත්වය දැරුවේය. ඔහු ක්‍රීඩා දිවියෙන් සමුගනීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයකු ලෙස කටයුතු කළේය.

මේ අතර නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් මෙවර එක්දින ලෝක කුසලාන දිනාගත් එංගලන්තය වෙනුවෙන් නොදැවී ලකුණු 84ක් ලබාගත් බෙන් ස්ටෝක්ස්ට ඕ.බී.ඊ. (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලයලත් නිලධාරියා) තනතුර පිරිනැමීමට නියමිතය. ලෝක කුසලාන ජයගත් එංගලන්ත කණ්ඩායමේ නායකයා වූ ඔයින් මෝගන්ට සී.බී.ඊ. (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අණදෙන නිලධාරියා) තනතුර පිරිනැමීමටද කටයුතු යොදා ඇත.

මීට අමතරව එංගලන්ත පිලේ කඩුලු රකින්නා වන ජොස් බට්ලර් සහ එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් දෙදෙනාම එම්.බී.ඊ. (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලයලත් සාමාජිකයා) තනතුරවලින් පිදුම් ලැබීමට නියමිතය.

එමෙන්ම ලෝක කුසලානය එංගලන්ත කණ්ඩායමට දිනාදීමේදී ප්‍රමුඛ කාර්යයක් සිදු කළ එංගලන්ත හිටපු ජාතික පුහුණුකරු ට්‍රෙවර් බේලිස් මහතාට ඕ.බී.ඊ තනතුරද, එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ සභාපති කොලින් ග්‍රේව්ස් මහතාට සී.බී.ඊ. තනතුරද පිරිනැමීමට නියමිතය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.