ක්‍රිකට් ක්‍රීඩාවටත් රතු කාඩ්පත් එයි
- 2016-12-08 10:07:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රිකට් පිටිය තුළ නොහික්මුණ ලෙස හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව රතු කාඩ්පත් භාවිත කිරීමේ අවස්ථාව ලබාදීමට ලෝක ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව නොහික්මුණ ලෙස හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට රතු කාඩ්පතින් අවවාද ලබාදී ඔහුව පිටියෙන් ඉවත්කිරීමට අදාළව පිටියේ විනිසුරුට අවස්ථාව ලබාදීමට ලෝක ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.
විනිසුරුට තර්ජනය කිරීම, ශාරීරික වද හිංසා හා වෙනත් නීතිවිරෝධී ක්‍රියාවකදී මෙසේ රතු කාඩ්පත භාවිත කිරීමට විනිසුරුට අවස්ථාව ලැබෙයි. ලබන ඔක්තෝබර් සමයේ පටන් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
වර්තමානයේදී තරගයක් අවසන් වූ පසුව තරගයේදී සිදුවූ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විනිසුරුවන් විසින් තරග තීරකට පැමිණිලි කරන අතර ඉන් පසුව විනය ක්‍රියාමාර්ග ගනියි.
Reply To:
Name - Reply Comment
0 Comments