Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වන එච්. එම්. බී. පී. හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා උපදෙස් දී තිබේ.

අද (මැයි 05) ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනා සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙක් වන පිරිසට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියා නොකිරීම මෙයට ආසන්නතම හේතුව වී ඇත.

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල අද (05දා) සිට සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකුගෙන් හා ක්‍රීඩා පුහුණු කරුවන් 15 දෙනෙකුගෙන් සමන්විතය.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි ක්‍රීඩා සංවර්ධන නේවාසිකාගාරයේ කණ්ඩායමට අවශ්‍ය නේවාසික පහසුකම් සලසා තිබිණ මුත්. (මැයි 04දා) උදය කාලයේ සිට නේවාසිකාගාරය තුළ විදුලිය බිඳ වැටී ඇති අතර ඒ හේතුවෙන් උදය කාලයේ සිට නේවාසිකාගාරය තුළ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගැටලු රැසකට මුහුණ දී තිබිණ.  ඊයේ සවස් කාලය වන විටත් මෙම තත්වයට විසඳුම්ක් ලබාදී නොමැති අතර නේවාසිකාගාරයේ ජල පහසුකම් ද අඩපන වී ඇත. මෙම ගැටලුව විසදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම නිසා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙයට කිසිදු විසඳුමක් ලබා දී නොමැත.
ක්‍රීඩා ඇමතිවරයාගේ උපදෙස් පරිදි මෙම තරගාවලියට සහභාගි වන සියලුම නේවසිකයින් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ තරු 4 හෝටලයක නවාතැන් ගැන්වීමටත් ඔවුන්ට අවශ්‍ය අහාර පාන සැපයීමටත් කටයුතු යොදා තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.