Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාත්‍යන්තර තාලයට මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ මූලික අත්තිවාරමක් ලෙස ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට මේ වසර තුළ  කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

 හෝමාගම , දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණ පරිශ්‍රය සමීපයෙහි අක්කර 126 ක භූමි භාගයක් තුළ මෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඉටු කිරීමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රදේශයේ අද(5) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්  අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මෙම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ක්‍රීඩාවට අදාල සියලු විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා අංගසම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් ලබාදීම  වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය තුළ ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලද බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඌව විශ්ව විද්‍යාලයේ පලමු උපකුලපති ධූරයෙහි කටයුතු කළ ආචාර්ය ඇඹුල්දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව ක්‍රියාත්මක වෙයි. .

2021 වර්ෂය වන විට ඉදිකිරීම් කටයුතු අවසන් කොට මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර, ක්‍රීඩා අධ්‍යාපන විශ්වවිද්‍යාල කමිටුවේ ප්‍රධානී ආචාර්ය ඇඹුල්දෙනිය මහතා ප්‍රමුඛ කමිටු සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.