කාන්තා ක්‍රීඩිකාවන්ට ඔස්ට්‍රේලියාව හමුවේ සටන්කාමී පරාජයක්
- 2020-02-24 15:46:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන්ද කඩුලු 5ක පරාජයක් ලැබීය.
සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 123ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු පහක් දැවී තරගයේ 19.3යේදී පසුකර යෑමට ඔස්ට්‍රේලියාව සමත්විය.
ඔස්ට්‍රේලියාව පිළිතුර ඉනිම ක්‍රීඩා කරන විට ඔවුන්ගේ මුල් කඩුලු තුන ලකුණු 10ක් තුළ බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ. කෙසේ වෙතත් ඉන් අනතුරුව නායක මෙග් ලැනින් පන්දු 44කදී නොදැවී ලකුණු 41ක් හා රචෙල් හේන්ස් (ලකුණු 60) සමගින් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95ක සබඳතාවක් පවත්මින් තරගය ඔස්ට්‍රේලියාව දෙසට ගෙන ආහ.
මෙම සබඳතාවේදී පිතිකාරිණියන් දෙදෙනා උඩපන්දු කිහිපයක්ම ලබාදුන්නත් ඒවා රැක ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට නොහැකිවිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නායක චමරි අත්පත්තු පන්දු 38කදී හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමගින් ලකුණු 50ක් රැස්කිරීමට සමත්වූවාය.
Reply To:
Name - Reply Comment
0 Comments