කුලේගේ තරගයේ ජයත් ලංකාවට
- 2019-08-01 00:34:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයද ලකුණු 122කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට සමත්විය. තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 294/8ක් රැස්කිරීමට සමත්විය. ඇන්ජලෝ මැතිව්ස් හා කුසල් මෙන්ඩිස් අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
ලකුණු 295 ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 36කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 172ක් පමණි. සෞම්‍ය සර්කාර් ලකුණු 69ක් රැස්කිරීමට සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් දසුන් ශානක කඩුලු තුනක් දවාගැනිමට සමත්වූයේය. මෙම තරගය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙන් නම්කර තිබුණි.
තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලැබීය.
ශ්‍රී ලංකා කණ්ඩායම 294/8 (පන්දුවාර 50)
දිමුත් කරුණාරත්න 46 (පන්දු 60), කුසල් පෙරේරා 42 (පන්දු 51), කුසල් මෙන්ඩිස් 54 (පන්දු 58), ඇන්ජලෝ මැතිව්ස් 87 (පන්දු 90), දසුන් ශානක 30 (පන්දු 14), ශාෆියුල් ඉස්ලාම් 68/3, සෞම්‍ය සර්කාර් 56/3
බංග්ලාදේශය 172/10 (පන්දුවාර 36)
සෞම්‍ය සර්කාර් 69 (පන්දු 86), තයිජුල් ඉස්ලාම් 39* (පන්දු 28), කසුන් රාජිත 17/2, දසුන් ශානක 27/3,ළහිරු කුමාර 26/2
(තිලක් ඉන්දක සෙනෙවිරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments