කුසල් ෂෙහාන් තෙවැනි තරගයට නෑ
- 2019-09-05 14:13:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවසීලන්තය හා පල්ලෙකැලේ පිටියේ පැවැති දෙවැනි විස්සයි20 තරගයේදි හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටියදී එකිනෙකා ගැටීම හේතුවෙන් ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස් හා ෂෙහාන් ජයසූරිය හෙට (06දා) පැවැත්වීමට නියමිත විස්සයි20 තරගයට ක්‍රීඩා කිරිම අවිනිශ්චිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසන්තා ද මැල් මහතා සඳහන් කරන්නේ ඔවුන්ගේ පාදවල ඇතිව තිබෙන ආබාධ හේතුවෙන් තෙවැනි තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි.
ඔවුන් දෙදෙනාගේම දකුණු පාද ආබාධයකට ලක්ව තිබේ. කුසල් මෙන්ඩිස් එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂාවකට ලක්කර තිබේ.
කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් වෙනුවෙන් ආදේශක ක්‍රිඩකයන් තෙවැනි තරගයට නම් නොකරන බවත් අසන්තා ද මැල් මහතා පැවැසීය.
මේ අතර නවසීලන්ත කණ්ඩායමේ ආබාධයකට ලක්ව ඇති ආරම්භක පිතිකරු මාටින් ගප්තිල්ටද තෙවැනි තරගය අහිමි වී ඇති අතර ආබාධයක් හේතුවෙන් දෙවැනි තරගයට ක්‍රීඩා නොකළ රොස් ටේලර්ගේ ආබාධයද සුව අතට පත්ව ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments