කුසල් ස්ථාන 58ක් ඉදිරියට
- 2019-02-19 15:18:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයේදී කුසල් පෙරේරා පිතිකරණයෙන් දැක්වූ දක්ෂතාව අනුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 58ක් ඉදිරියට පැමිණෙමින් එහි 40 වැනි ස්ථානයට පත්ව තිබේ.
තරගයේදී ඉනිම දෙකේදී කුසල් පෙරේරා (51,153*) නොදැවී ලකුණු 204ක් රැස්කිරීමට සමත්විය.
මුල් පිතිකරුවන් 10 තුළ සිටින එකම ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ දිමුත් කරුණාරත්නයි. ඔහු 10 වැනි ස්ථානයේ පසුවෙයි. ලෝකයේ අංක එකේ ටෙස්ට් පිතිකරුවා වන්නේ විරාත් කෝලියි.
සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු 100 වැනි ස්ථානයට පත්ව ඇත.
ටෙස්ට් පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම පසුවෙන්නේ 30 වැනි ස්ථානයේ පසුවන ඩිල්රුවන් පෙරේරායි.
ලෝකයේ අංක එකේ පන්දු යවන්නා ලෙස පැට් කමින්ස් පත්ව ඇති අතර 2006 වසරෙන් පසුව ඔස්ට්‍රේලියා පන්දු යවන්නෙක් ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පත්වූයේ මේ අවස්ථාවේදීය.
සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් කඩුලු පහක් දවාගත් ලසිත් ඇඹුල්දෙණිය ටෙස්ට් පන්දු යවන්නන් අතර 66 වැනි ස්ථානයට පත්ව තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments