කුසල් පෙරේරාට ක්‍රීඩා කළ හැකියි
- 2018-06-26 14:28:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදි පන්දු රැකීමේදී ආබාධයකට ලකවූ කුසල් පෙරේරාගේ තත්ත්වය සාමාන්‍ය බව වාර්තා වෙයි.
පිටියේ පවතින දැන්වීම් පුවරුවක ගැටීමෙන් කුසල් ආබාධයකට ලක්වූ අතර ඔහු ගිලන් රථයකින් රෝහල කරා රැගෙන ගියේය. එහිදී කළ පරීක්ෂණවලින් කුසල්ගේ තත්ත්වය යහපත් බවට නිර්ණය කර ඇති අතර පසුව ඔහු කණ්ඩායම සමගින් එක්ව තිබේ.
හෙට දිනයේදි අවශ්‍යනම් ඔහුට පිතිකරණයේ යෙදීමට හැකියාවක් පවතී. ලකුණු 144ක් ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 81ක් රැස්කරගෙන සිටියි.
කුසල් මෙන්ඩිස් හා ඩිල්රුවන් පෙරේරා පන්දුවට පහරදෙමින් සිටිති.
Reply To:
Name - Reply Comment
0 Comments