Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පාසල් ක්‍රිකට් ගැටුම (බිග් මැච්) වන ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර පැවැත්වෙන ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. ඒ මේ වනවිට කොවිඩ්-19 වෛරසය (කොරෝනා  වෛරසය) හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය සලකා බලමිනි. 

උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙම තරගය කල් දැමීමට පියවර ගත් බව විදුහල් ද්විත්වයේ විදුහල්පතිවරු ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ‍පැවසූහ.

මෙම තරගයට සමගාමීව වර්ෂයක් පාසා පැවැත්වෙන ආගමික වැඩසටහන්, ශිෂ්‍ය පාපැදි වාරිකාව, සුහද විවාදය, ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගය සහ සෙසු සියලු වැඩසටහන්ද කල් දැමීමට සිදුව ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

115 වැනි ‘ආදරවන්තයන්ගේ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අප්‍රේල් මස 03 සහ 04 යන දිනවලදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූණි. 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.