ගාලු ක්‍රීඩාංගණය පාසල් ක්‍රිකට් පුහුණුවට නොදෙන බවට චෝදනා
- 2019-08-05 10:54:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දකුණු පළාතේ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් සඳහා ලබා නොදෙන බවට සහ ක්‍රීඩාංගණ කළමණාකරුට අයත් 'යුනයිටඩ් සදර්න්' ක්‍රීඩා සමාජයට පමණක් එය පුහුණුවීම් සඳහා වෙන් කර දී ඇතැයිද පාසල් කිහිපයක් චෝදනා කරයි.
එම පාසල් 'අද' පුවත්පතට පවසා සිටියේ පාසල්වල දරුවන්ගේ පුහුණුවීම් සඳහා මුදල් ගෙවා ක්‍රීඩා පිටිය ලබා ගැනීමට උත්සහ කළද, නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ටෙස්ට් තරගය හුවා දක්වමින් ක්‍රීඩාංගණ කළමණාකරුවා මෙලෙස අත්තනෝමතිකව කටයුතු කරන බවයි.
ඒ අනුව දකුණු පළාතේ කිසිදු පාසලකට දැනට මාසයකට ආසන්න කාලයක පටන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කිරීමේ අවස්ථාව අහිමි කර ඇති නමුත් %යුනයිටඩ් සදර්න්^ ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් තරග පමණක් එහි පවත්වන බවද හෙළිවේ.
මේ අතර, ඊයේ (04දා) දිනයේදීද ක්‍රීඩාංගණ කළමණාකරුට අයත් %යුනයිටඩ් සදර්න්^ ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් තරගයක් ගාල්ල ක්‍රීඩාංගණයේ පවත්වා ඇති අතර, දකුණු පළාතට තබා ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා හෝ ක්‍රීඩාංගණය වෙන්කර ගත නොහැකි බවටද එම පාසල් චෝදනා කර සිටියේය.
එමෙන්ම ක්‍රීඩාංගණ කළමණාකරු තම හිතවත් ක්‍රීඩා සමාජවලට පමණක් එම කාලය තුළදී ක්‍රීඩා පිටිය වෙන් කර දී ඇතැයිද, මේ තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රීඩාංගණ පරිපාලනය දැනුවත් කර ඇතත් එය බීරි අලීන්ට වීණා වැයීමක් යැයිද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
එබැවින් දකුණු පළාතේ පාසල් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඔවුන් ඉල්ලා සිටිනුයේ තමාට පුහුණුවීම් කිරීමට පවතින මෙම ක්‍රීඩාංගණය මෙම අත්තනෝමතිකව කටයුතු කරන පුද්ගලයන්ගෙන් ඉවත් කර පාසල්වල පුහුණුව සඳහා ලබාදෙන ලෙසයි.
Reply To:
Name - Reply Comment
0 Comments