Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ටූයුරියා පිට් 2011 වසරේදී බටහිර ඔස්ට්‍රේලියාවේ පැවැති මැරතන් තරගයකට ක්‍රිඩා කරමින් සිටින අතර තුළදී ළඳු කැළෑ ප්‍රදේශයක ඇතිවූ ගින්නකට හසුව ඇයගේ ශරීරයේ 65%ක් පමණ දැවී ගියේය.   

මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුවීමට පෙර රූමත් ඇය නිරූපිකාවක ලෙස කටයුතු කළ අතර, එම සිද්ධියෙන් ඇයට ඇතිවූ බලපෑම තීව්‍ර කරන සාධකයක් බවටද පිට් නිරූපිකාවක් ලෙස කටයුතු කර තිබීම යන කරුණ බලපෑවේය.

කෙසේ වෙතත්, නොපසුබස්නා උත්සාහයෙන් යුතු පිට්, සවුත් වෙල්ස්හි වසරේ කාන්තාවට හිමි සම්මානය 2014 වසරේදී හිමිකර ගැනීමට සමත් වූවාය. ඇය  අභිප්‍රේරකයෙකු, ක්‍රීඩිකාවක, සමාජ සේවිකාවක, ලේඛිකාවක, ඉංජිනේරුවරියක ලෙස ඉදිරියට පැමිණියාය. ඒ අනුව නැවතත් ඇය මේ වසරේ මැයි මාසයේදී ක්‍රීඩා පිටියට අවතීරණ වූයේ ඔස්ට්‍රේලියාවේ පැවැති අයන්මෑන් මැරතන් තරගයට ක්‍රීඩා කරමින්ය. එම තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට ඇය සමත් වූවාය.

ඉන් අනතුරුව පසුගියදා නැවතත් ඇගේ නම යළිත් කරළියට පැමිණියේ ලොව වඩාත් අසීරුතම තුන් ප්‍රයාම ඉසව්වක් වන හවායි හි අයන්මෑන් මැරතන් තරගයට ක්‍රිඩා කරමින් එය නිම කිරීමට පිට් සමත්වීමත් සමගය. 2011දී ඇති වූ සිද්ධිය හේතුවෙන් ඇයට කිසිදිනක නැවතත් ක්‍රීඩා පිටියට පැමිණීමට නොහැකි බව වෛද්‍යවරු ඇයට දන්වා තිබුණත්, අද ඇය ඒ අභියෝගය ජයගෙන අවසන්ය.

එම අනතුරින් පසුව 200ට අධික සැත්කම් ප්‍රමාණයකට මුහුණදුන් පිට් හවායි අයන් මෑන් තුන් ප්‍රයාම ඉසව්වට මුහුණ දුන්නේ, කිලෝ මීටර් 226ක් පුරාවිහිදුණු තරගයක් ලෙසිනි. එම තරගයේ කිලෝ මීටර් 42ක් මාර්ග ධාවනය, කිලෝමීටර් 180ක් පාපාදි ධාවනය සහ කිලෝමීටර් 3.8ක පිහිනීම වශයෙන් නිමා කිරීමට ඇයට සිදුවිය.

සිරුරෙන් 65%ක දැවී ගියත් ඇගේ අප්‍රතිහත ධෛර්යයට ඒ කිසිවක් බාධාවක් නොවීය. ඒ නිසාම මේ අසහාය ක්‍රීඩිකාව, අයෝමය ගැහැණිය හෙවත් පිට් පිළිබඳ කතාව මේ වනවිට සමාජ මාධ්‍ය හරහා වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත. 2015 වසරේදී ඇය සිය දීර්ඝ කාලීන පෙම්වතා වන මයිකල් හූස්කින් සමග  විවාහ ගිවිස ගත්තාය.

නිරෝෂා සෝමරත්න (බී.බී.සී. ඇසුරෙනි)
 

288530-turia-pitt 397195DF00000578-3842116-Plans_on_hold_The_wedding_plans_have_taken_a_bit_of_a_back_seat_-a-3_1476669754071 1438246982831_Turia-Pitt-Reunites-with-Michale-Hoskin-6 photo turia-pitt-744x445

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.