Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඉන්දීයාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය අනතරතුරදී විනය විරෝධී ලෙස හැසිරීම නිසා එක්දින තරග 6 ක තහනමක් පැණවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. සැප්තැම්බර් මස 30 වැනිදා සිට තරග තහනම ක්‍රියාත්මක වන අතර ඔහුගේ වාර්ෂික ක්‍රීඩක ගිවිසුමෙන් 20% ක් දඩ මුදලක් අය කරගැනීමට ද ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.  තහනම නිසා පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන එක්දින තරගාවලියටද නම් කර නැත. විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් කණ්ඩයම් කළමණාකාරිත්වය  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිළි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයට පසුව ක්‍රිකට් ආයතනය ඔහුට මෙම තරග තහනම පනවා ඇත.  එක්දින තරග 28 කට සහභාගි වී ඇති ගුණතිලක ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 886 ක් රැස්කර ගෙන සිටියි. සිම්බාබ්වේ පිලට එරෙහිව රැස්කළ ලකුණු 116 ගුණතිලකගේ හොඳම එක්දින ඉනිම ලෙස සටහන්වන්වේ.  රාත්‍රී සමාජ ශාලාවක රැය පහන් කිරීම හේතුවෙන් පසුදින පැවැති පුහුණු සැසියකට සහභාගි වීමෙන් වැළකී සිට ඇති බවද, දිනක් සිය ක්‍රීඩා උපකරණ කට්ටලය නොමැතිව පුහුණුවීම් සඳහා පැමිණ ඇති බවද වාර්තා වේ. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.