චන්දිමාල් - අකිල ටෙස්ට් සංචිතයට
- 2019-08-07 11:26:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවසීලන්තයට එරෙහිව ලබන 14 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකාවෙන් මෑතකදී බිහිවූ විශිෂ්ට පිතිකරුවකු වන චන්දිමාල්ට ශ්‍රී ලංකා පිලේ අවසන් ටෙස්ට් තරගාවලියේ දී සංචිතයේ ස්ථානය අහිමිවූ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී සංචිතයේ ද ස්ථානය අහිමි විය. දකුණත් පිතිකරු 29 හැවිරිදි චන්දිමාල් ටෙස්ට් තරග 53 කදී ලකුණු 3768 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍යය 41.86 කි.
ශ්‍රී ලංකාවේදී පසුගිය වසර අගදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ දී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තහනමක් පැනවීම හේතුවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවිය. අකිල ටෙස්ට් තරග පහකදී කඩුලු 27 ක් දවාගෙන තිබේ. මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 22 කින් යුත් සංචිතයක් නම් කර ඇති අතර ගාල්ලේදී ලබන 14 වැනිදා ආරම්භ වන පළමු තරගය සඳහා ඉදිරියේදී 15 දෙනකු නම් කිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments