Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චන්දිමාල් ඉවතට..?

  • 2017-02-07 14:30:01
  • 0 Comments

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05කින් යුත් එක්දින තරගාවලියේ සිවුවැනි එක්දින තරගය අද (07දා) කේප්ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරග 03ක් ජයගෙන සිටින දකුණු අප්‍රිකානුවන් ජයග්‍රාහී මානසිකත්වයක පසුවන අතර, ශ්‍රී ලංකාවට 'වයිට්වොෂ්' (පූර්ණ තරගාවලි පරාජයක්) වීමේ අවමානයෙන් ගැලවීමට ලැබෙන පළමු අවස්ථාව ද වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ගේ දැඩි අසාර්ථකත්වයන් පෙන්නුම් කරන අතර, පළමු තරග ත්‍රිත්වයේ පරාජයට පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණීම දැඩි ලෙස බලපෑවේය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට අවම වශයෙන් ලකුණු 200 සීමාව හෝ පසුකිරීමට සමත් පිතිකරණ සංයුතියක් නොමැති වීම බලවත් අඩුපාඩුවක් ලෙස දිස්විය.

විශේෂයෙන් දිනේෂ් චන්දිමාල්ගේ දැඩි අසාර්ථකත්වය මෙම තරගාවලියේ පරාජයන්ට දැඩි ලෙස බලපෑ බව ක්‍රීඩා විචාරකයින්ගේ මතයයි. දිනේෂ් චන්දිමාල් සියලු අංශ (ටෙස්ට්, එක්දින හා විස්සයි20) යටතේ මෙම තරගාවලියේ දී දැඩි ලෙස අසාර්ථක වී ඇති අතර, අවසන් ඉනිම 12 තුළදී ඔහුට රැස්කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි. (අද ඇසුරිනි)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.