ජඩේජා වෙනුවට ආක්ෂාර්
- 2017-08-09 16:34:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදී 12 දා ආරම්භවීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගය තහනම් වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා වෙනුවෙනු ආක්ෂාර් පටෙල් සංචිතයට කැඳවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
මේ වන විට 23 හැවැරිදි වියේ පසුවන ආරක්ෂාර් ඉන්දීය ඒ කණ්ඩායම හා දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම අතර ඊයේ පැවැති තුන්කොන් තරගාවලියේ අවසන් තරගයටද ක්‍රීඩා කළේය. ඒ අනුව ඔහු හෙට සවස ඉන්දීය සංචිතය හා එක්වීමට නියමිතය. මේ අතර කුල්දීප් යාදව්ද කණ්ඩායමට එක්වීමට නියමිත අතර ඔහු තෙවැනි ටෙස්ට් තරගයේදී ජඩේජා වෙනුවට ඉන්දීය කණ්ඩායමේ අවසන් 11 දෙනා අතර ක්‍රීඩා කරනු ඇත.
අයි.සී.සී. ආචාරධර්ම පද්ධතිය කඩ කිරීම හේතුවෙන් එක් තරග තහනමට පත්ව ඇති ජඩේජාට කණ්ඩායම හා සිටීමට අවස්ථාවක් නොලැබෙන අතර ඔහු මේ වන විට නැවතත් ඉන්දියාවට ගොස් තිබේ. යම් හෙයකින් ඔහු ටෙස්ට් තරගාවලියෙන් පසුව පැවැත්වෙන එක්දින තරගාවලිටය යොදාගත හොත් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
පටෙල් ඉන්දීය කණ්ඩායම සමගින් එක්දින තරග 30කට හා විස්සයි20 තරග හතකට ක්‍රීඩා කර තිබේ. ඔහු ඉන්දීය ටෙස්ට් කණ්ඩායම හා තරග සංචාර කිරීම කිහිපයකට එක්ව ඇතත් තවමත් ඔහු තවමත් එකඳු ටෙස්ට් තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති.
ඉන්දීය සංචිතය - විරාත් කෝලි (නායක), ශිකර් දවාන්, ලෝකේෂ් රාහුල්, චෙටෙස්වාර් පුජාරා, අජින්කේ රහානේ (උපනායක), රෝහිත් ශර්මා, ආර්. අශ්වින්, ආක්ෂාර් පටේල්, රිද්දිමාන් සහා (කඩුලු රකින්නා) ඉශාන්ත් ශර්මා, උමේෂ් යාදව්, හර්දික් පාණ්ඩ්‍යා, භුවනේෂ්වර් කුමාර්, මොහොමඩ් සාමි, කුල්දීප් යාදව්, අභිනව් මුකන්ද්
Reply To:
Name - Reply Comment
0 Comments