ජනාධිපති කුසලාන බස්නාහිරට
- 2016-10-03 02:00:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පළමු වතාවට රන් පදක්කම් සියයක් අභිබවා යමින් දස්කම් දක්වමින් යාපනයේ දොරේඅප්පා පිටියේදී අද (2) නිමාවට පත්වූ 42 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවට හිමි ජනාධිපති කුසලානය බස්නාහිර පළාත විසින් දිනා ගන්නා ලදී.
එහිදී විශේෂ සිදුවීම වන්නේ වසර ගණනාවක්ම ක්‍රීඩා උළෙලේ අනු ශූරතාව ලබා දෙවනුව වැඩිම රන් පදක්කම් ගණනක් හිමි කර ගත් මධ්‍යම පළාත අභිබවින් මෙවර දකුණු පළාත අනු ශූරතාව දිනා ගැනීමයි.
දෙවැනි ස්ථානයට පත් දකුණු පළාත රන් පදක්කම් 33ක් දිනා ගනිද්දී මධ්‍යම පළාතට හිමිවූයේ රන් පදක්කම් 28ක් පමණි. පසුගිය (2015) ක්‍රීඩා උළෙලේදී බස්නාහිර පළාත සමස්ත ශූරතාව හිමිකර ගත්තේ රන් පදක්කම් 77ක් ලබමිනි.
එහෙත් මෙවර ඔවුන් රන් පදක්කම් 113ක් දක්වා වර්ධනය කර ගනිමින් ජනාධිපති කුසලාන අඛණ්ඩව රැක ගනිද්දී ගියවර අනු ශූරතාලාභී මධ්‍යම පළාත රන් පදක්කම් 47ක් දිනා තිබේ.
එවර සිව් වැනි ස්ථානය දක්වා පසුපස සිටි දකුණු පළාත හිමි කර ගත්තේ රන් පදක්කම් 21ක් පමණි.
මෙවර ක්‍රීඩා උළෙලේ සත්කාරය දැරූ උතුරු පළාත මෙවරත් අවසන් ස්ථානයට පත් වුවත් ඔවුන් රන් පදක්කම් දෙකක් ද ඇතුළුව මුළු පදක්කම් 12ක් දක්වා වර්ධන කර ගැනීම කැපී පෙනේ.
මෙවර ක්‍රීඩා උළෙලේ දක්ෂතම මලල ක්‍රීඩකයා වූයේ දුර පැනීම (පිරිමි) ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටු වූ එච්.අයි.එම්. විෆ්රාන් (මීටර් 7.72) විසිනි. මීටර 800 (කාන්තා) ඉසව්වෙන් වසර 24කට පසුව නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටු වූ නිමාලි ලියනආරච්චි මෙවර දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
වසර 2010 සිට පිට පිටම දක්ෂතම ක්‍රීඩකයාට හිමි ස්ථානය මෙතෙක් දිනා සිටියේ උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර විජේසේකර විසිනි. ඔහු මෙවරත් යාපනයේ දී එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.
ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගි නොවූ උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැති සමාප්ත උත්සවයට සහභාගි වී සිටියේය.(ලංකාදීප ඇසුරිනි- නාමල් පතිරගේ )
Reply To:
Name - Reply Comment
0 Comments