Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. මෙම තරගයට ඊයේ (15 වැනිදා) කිම්බර්ලි නුවර ඩයමන්ඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මෙම තරගයේදී ක්වින්ටින් ඩි’කොක් සහ හසිම් අම්ලා එක්ව ගොඩනැගූ ලකුණු 282 ක සම්බන්ධතාව, එක්දින තරගයකදී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූණ තෙවැනි ඉහළම සම්බන්ධතාවද විය. මින් පෙර 2006 වසරේදී සනත් ජයසූරිය සහ උපුල් තරංග එක්ව ලකුණු 286 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පළමු කඩුල්ල සඳහා වන සම්බන්ධාතාවේ ලෝක වාර්තාව පිහිට වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 279 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 42.5 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ශතක ලබාගනිමන් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

මෙම ජයග්‍රහණය එක්දින ජාත්‍යන්තර තරගයකදී කඩුලු 10 ක ජයක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරටද එක්විය. මින් පෙර කඩුලු 10 ක ජයක් ලබාගත් කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 255 ක් වූ අතර 2016 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය එම ජයග්‍රහණය වාර්තා කළේය.

සිය එක්දින ක්‍රිකට් දිවියේ 13 වැනි ශතකය මෙන්ම දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවද රැස්කළ ක්වින්ටින් ඩි’කොක් (නොදැවී 168), පන්දු 145 කදී වාර්තා වූ සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 21 ක් අලංකාර කළේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරවීම සඳහා ඔහුට අනගි සහායක් දුන් හසිම් අම්ලා, පන්දු 112 කදී ලකුණු 110 ක් රැස්කළේ හතරේ පහර 8 ක් සමගිනි. එය අම්ලාගේ 26 වැනි එක්දින ශතකය වූ අතර අඩුම තරග සංඛ්‍යාවකදී ශතක 26 ක් ලබාගත් ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා අතරට එක් විය.

මෙම තරගයේදී පන්දු යැවීම සඳහා බංග්ලාදේශ නායක මෂ්රෆී මොටාසා පන්දු යවන්නන් 7 දෙනෙකුගේ සේවය ලබාගත් අතර ඔවුන් දෙදෙනාම ඩි’කොක්ගෙන් සහ අම්ලාගෙන් දැඩි ලෙස පහර කෑමට ලක් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 110) සමත් වූ අතර ඔහුගේ පස්වැනි එක්දින ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් සකීබ් අල් හසන් (29) සමග එක්ව පන්දු 72 කදී ලකුණු 59 ක සමබන්ධතාවක් ගොඩනැගූ රහීම්, ඉන් නොනැවතී මහමදුල්ලා (26) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ලකුණු 42 ක සමබන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
 
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ කගිසෝ රබාඩා ලකුණු 43 කට කඩුලු 4 ක් දවාගනිමින් බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට තිබූ අවස්ථාව අහිමි කළේය.


බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 278
(ඉම්රුල් කේයස් 31, ලිටන් දාස් 21, සකීබ් අල් හසන් 29, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 110, මහමදුල්ලා 26, සබීර් රෙහෙමාන් 19, මොහොමඞ් ශිෆුඩීන් 16, කගිසෝ රබාඩා 43/4, ඞ්වේන් ප්‍රෙටෝරියස් 48/2)

දකුණු අප්‍රිකාව - ඕවර 42.5 කදී කිසිවකු නොදැවී 282
(ක්වින්ටන් ඩි’කොක් නොදැවී 168, හෂීම් අම්ලා නොදැවී 110)

(ලංකාදීප අසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.