ජාතික පිතිකරණ පුහුණුකරු ජොන් ලුවිස්
- 2018-12-13 13:47:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමෙ පිතිකරණ පුහුණුකරු වශයේ හිටපු එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ජොනතන් (ජෝන්) ලුවිස් පත්කර තිබේ. ඔහු මෙම තනතුර භාර ගැනීමට මත්තෙන් ඩරම් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට නවසීලන්ත තරග සංචාරයක නිරත වන අතර එම තරගාවලියේ සීමිත පන්දුවාර තරගාවලියේ ආරම්භයත් සමගින් ලුවිස් සිය තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කරනු ඇත.
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවිරයි. ලුවිස් එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ අවසානය තෙක් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.
ලුවිස්ගේ මග පෙන්වීම යටතේ ඩරම් කණ්ඩායම 2013 පළමු පෙළ ශූරතාව, 2014 රෝයල් ලන්ඩන් එක්දින ශූරතාව හා 2012 නැට්වෙස්ට් විස්සයි20 ශූරතාව ජයග්‍රහණය කිරිමට සමත්ව තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments