ජීවන් මෙන්ඩිස් 'ඩර්බිෂයර්' ප්‍රාන්ත කණ්ඩායමට
- 2016-10-31 02:54:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බිබිසී- තුන් ඉරියව්වේ ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් (33) 2017 වසරේ එංගලන්ත දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එක්ව සිටී. ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් ලබන වසරේ අපේල් සිට ජුනි දක්වා පැවැත්වෙන සියලු සිව්දින, එක්දින හා විස්සයි විස්ස තරග සඳහා ජීවන් මෙන්ඩිස් තම කණ්ඩායම සඳහා සහභාගීවනු ඇති බව නිවේදනය කළේය.
ජීවන් මෙන්ඩිස් අවසාන වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2015 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී ය. මෙවර ක්‍රීඩක කොන්ත්‍රාත් ලබාදීමේදී ජීවන් මෙන්ඩිස්ට හිමිවුයේ දේශීය තරග සඳහා ඉදිරිපත්වන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට පිරිනැමෙන කොන්ත්‍රාත්තුවකි. 2017 වසරේ එංගලන්ත දේශීය ක්‍රිකට් තරග වාරය සඳහා සුපුරුදු පරිදි කුමාර් සංගක්කාර සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් සහභාගිවීමට නියමිත ය.
Reply To:
Name - Reply Comment
0 Comments