Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එක්දින ක්‍රිකට් පිටියේ ආරම්භක පිතිකරුවන් යුගළයක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අයර්ලන්ත කණ්ඩායම හා (05දා) පැවැති තරගයේදීය. මෙහිදී කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ ජෝන් කැම්බල් හා ෂායි හෝප් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 365ක් රැස්කිරීමට සමත්වූයි. ජෝන් කැම්බල් පන්දු 137කදී හයේ පහර 6ක් හා හතරේ පහර 15ක් සමගින් ලකුණු 179ක් රැස්කළ අතර හෝප් පන්දු 152කදී හතරේ පහර 22ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 170ක් රැස්කළේය. දෙදෙනා පන්දුවාර 47.2කදී ලකුණු 365ක් රැස්කර අතර පළමු කඩුල්ල ලෙස කැම්බල් දැවී ගියේය. එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී හෝප් දැවී ගියේය. කොදෙව්වා නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 381ක් රැස්කළ අතර පිළිතුරු ලෙස අයර්ලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 185ක් පමණි. (අද )

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.