ටෙසට් ඇඳුමටත් ක්‍රීඩක අංකය
- 2019-08-02 12:59:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්දින තරගවලදී වර්ණ ඇඳුම් පලඳින්නාක් සේම එහි ක්‍රීඩකයාගේ නම හා ඔහුට නියමිත අංකය ඇඳුමෙහි පිටුපස සටහන්ව තිබීම සාමාන්‍ය දෙයකි.
නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අඳින සුදු වර්ණය සහිත ඇඳුමෙහි ඉදිරිපස ක්‍රීඩකයෙකු ටෙස්ට් වරම් දිනාගත් අංකය, තමන්ගේ රටෙහි නිල ලාංඡනය හා තවත් අතිරේක යමක් මුද්‍රිතව තිබෙනවා හැර, ඇඳුමේ පිටුපස කිසිවක් සටහන් නොකිරීම සම්ප්‍රදායක් ලෙස මෙතෙක් පැවතුණි.
කෙසේ නමුත් එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ (01දා) ආරම්භ වූ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී වසර ගණනාවක සිට පැවත ආ මෙම සම්ප්‍රදාය බිඳවැටුණි.
ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් අරඹමින් දෙරටේම ක්‍රීඩකයන්ගේ ඇඳුම්හි පිටුපස එකිනෙකාගේ නම් හා ඔහුගේ නියමිත අංකය මුද්‍රණය වී තිබුණි. ලෝක ක්‍රිකට් පිටියේ මෙවැන්නක් සිදුවූයේ පළමු වරටය.
Reply To:
Name - Reply Comment
0 Comments