ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දිමුත්ට
- 2019-02-06 11:30:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර තිබේ. උපනායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල තවදුරටත් කටයුතු කරනු ලබයි.
ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ව සිය රිද්මය නැවත ලබා ගැනීම වෙනුවෙන් දේශිය තරග බිමට මුදා හැරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.
තරගාවලිය සඳහා 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම්කර ඇති අතර නවක ක්‍රීඩකයන් ලෙස ඇන්ජලෝ පෙරේරා, මොහොමඩ් ශිරාස්, ලසිත ඇඹුල්දෙණිය, ඔෂධ ප්‍රනාන්දු කණ්ඩායමට ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, ධනංජයද සිල්වා, ඔෂඡ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, සුරංග ලක්මාල්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, මොහොමඩ් ශිරාස්, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය
Reply To:
Name - Reply Comment
0 Comments