Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ඒ. බී. ඩිවිලියස්ගේ (176) ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ හමුවේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 104 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

මෙම තරගය ඊයේ (18 වැනිදා) පාර්ල්හි බෝලන්ඞ් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 354 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායම ඕවර 47.5 ක් අවසානයේ ලකුණු 249 කට සීමා කිරීමට ඇන්ඩිලි පෙලුක්වායෝ ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දුයැවීමක නිරත වූ පෙලුක්වායෝ ලකුණු 40 කට කඩුලු 4 ක් දවාගත් අතර බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඉම්රාන් තාහිර් ලකුණු 50 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 107 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉම්රුල් කේයස් (68) සහ මුෂ්ෆිකුර් රහීම් (60) සමත් වූවද, සෙසු පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙන් බංග්ලාදේශ ඉනිම කඩා වැටිණ.

පන්දු 70 කදී වාර්තා වූ රහීම්ගේ 27 වැනි එක්දින අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 77 කදී වාර්තා වූ කේයිස්ගේ 14 වැනි අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් අන්තර්ගත විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 104 කදී ලකුණු 176 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 15 ක් සමගිනි. එය ඔහු එක්දින තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම ඔහුගේ 25 වැනි එක්දින ශතකයද විය. 

තෙවැනි කඩුල්ල වෙනුවෙන් හෂිම් අම්ලා (85) සමග එක්ව පන්දු 108 කදී ලකුණු 136 ක සමබන්ධතාවක් ගොඩනැගූ ඩිවිලියර්ස්, ඉන් නොනැවතී ජේ. පී. ඩුමිනි (30) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 117 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. 

පළමු එක්දින තරගයේදී නොදැවී ශතකයක් ලබාගත් හෂීම් අම්ලා සහ ක්වින්ටින් ඩි’කොක් (46) මෙම තරගයේදීද පළමු කඩුල්ල සඳහා ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් දුන්හ. පන්දු 92 කදී වාර්තා වූ අම්ලාගේ 34 වැනි එක්දින අර්ධ ශතකය හතරේ පහර 4 කින් සමන්විත විය. 

මෙම තරගයේදී පන්දු යැවීම සඳහා බංග්ලාදේශ නායක මෂ්රෆී මොටාසා පන්දු යවන්නන් 7 දෙනෙකුගේ සේවය ලබාගත් අතර ඔවුන් දෙදෙනාම දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගෙන් දැඩි ලෙස පහර කෑමට ලක් වූහ.

ඒ අතරින් යම් තරමක හෝ සාර්ථකත්වයක් පෙන්නුම් කළ රුබෙල් හුසේන් කඩුලු 4 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 62 ක් පිරිනමමිනි. 

දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 353 
(හෂීම් අම්ලා 85, ක්වින්ටන් ඩි’කොක් 46, ඒ. බී. ඩිවිලියස් 176, ජේ. පී. ඩුමිනි 30, රුබෙල් හුසේන් 62/4, සකීබ් අල් හසන් 60/2) 

බංග්ලාදේශය - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 249 
(ටමීම් ඉක්බාල් 23, ඉම්රුල් කේයස් 68, ලිටන් දාස් 14, මුෂ්ෆිකුර් රහීම් 60, මහමදුල්ලා 35, සබීර් රෙහෙමාන් 17, ඇන්ඩිල් පෙලුක්වායෝ 40/4, ඉම්රාන් තාහිර් 50/3, ඞ්වේන් ප්‍රිටෝරියස් 48/2) 

(ලංකාදීප ඇසුරිනි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.