ඩේල් ස්ටේන්ට ද. අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමජිකත්වය අහෝසි වෙයි
- 2020-03-25 23:29:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ට එරට ක්‍රිකට් ආයතනය මගින් නිකුත් කළ නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ලැයිස්තුවේ ස්ථානය අහිමිවී ඇත. ද. අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මගින් 2020-21 වර්ෂයන් සඳහා නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ලැයිස්තුව ඊයේ (24දා) එළි දැක්වූ අතර එම ලැයිස්තුවට ක්‍රීඩකයින් 16 දෙනෙකු අන්තර්ගතව ඇත.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කරන වත්මන් අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන ස්ටේන්ගේ නම කොන්ත්‍රාත්තු ලැයිස්තුවෙන් කපා දැමීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක බූඩන් හෙන්ඩ්‍රික්ස්ට එරට ජාතික කණ්ඩායමේ කුළුදුල් කොන්ත්‍රාත්තුව ලබා දෙමිනි.
36 හැවිරිදි ස්ටේන් දකුණු අප්‍රිකාව බිහිකළ විශිෂ්ඨම වේගපන්දු යවන්නන්ගෙන් කෙනෙකු බව අවිවාදයෙන්ම පිළිගැනෙන අතර ඔහු එරට වෙනුවෙන් ටෙස්ට් හා පන්දුවාර විස්සයි20 පිටියේ වැඩිම කඩුළු ලාභීයාද වේ. ඒ ටෙස්ට් තරග 93 කදී කඩුළු 439 ක් හා පන්දුවාර 20 පිටියේ තරග 47 කදී කඩුළු 64 ක් බිද හෙලමිනි.
කෙසේ වෙතත් පසුගිය වසර කිහිපයේදී ආබාධ හේතුවෙන් ස්ටේන්ට බොහෝ තරගාවලි අහිමිවිය. සිය ආබාධ තත්වය හේතුවෙන් ස්ටේන් පසුගිය වසරේදී ටෙස්ට් පිටියටද සමුදුන්නේ සීමිත පන්දුවාර තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමටය.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරන්නේ මේ වසරේ එළඹෙන තරගාවලි හිදී ක්‍රීඩකයින් දක්වන දක්ෂතා මත මෙම කොන්ත්‍රාත්තු නැවතත් අළුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කොන්ත්‍රාත්තුගත ක්‍රීඩකයින්
ටෙම්බා බවුමා, ක්වින්ටන් ඩි කොක්, ෆෆ් ඩු ප්ලෙසි, ඩීන් එල්ගා, බූරන් හෙන්ඩ්‍රික්ස්, රීසා හෙන්ඩ්‍රික්ස්, කේෂව් මහරාජ්, එයිඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, ලුන්ගි එන්ගිඩි, අන්රිච් නෝජ්, ඇන්ඩිල් ෆෙලුක්වායෝ, ඩ්වෙයින් ප්‍රිටෝරියස්, කගීසෝ රබාඩා, ටැබරේස් ෂම්සි, රසී වැන්ඩර් ඩුසේන්
Reply To:
Name - Reply Comment
0 Comments