Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ඉදිකරනු ලැබූ අභිනව ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය සිසු අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11දා) සිදුවිය.

මෙම ක්‍රීඩාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 17ක පමණ මුදලක් වැය වී ඇති අතර, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ඩී.වී. ශාන්ත සිල්වා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් වසරක් තුළ මෙම ක්‍රීඩාගාරය ඉදිකර තිබේ.

ශාන්ත මහතා 1977 – 1982 කාල වකවානුවේ තර්ස්ටන් විදුහල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අයෙකු වන අතර, ඔහු කණ්ඩායම් නායකයෙකු ලෙසද කටයුතු කර ඇත. හෙතෙම පාසල් කාලයේදීම විද්‍යාලයට ගෘහස්ථ ක්‍රීඩාංගණයක් නොමැතිවීම විශාල අඩුපාඩුවක් බව හඳුනාගෙන තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රීඩාගාරය තර්ස්ටන් විද්‍යාලයට ඉදිකරදීමට කටයුතු කළේය.

මෙම ක්‍රීඩාගාරය තර්ස්ටන් විදුහල් ක්‍රීඩකයන්ට අමතරව බාහිර පාසල් සඳහාද ලබාදීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාට අමතරව විවෘත කිරීමේ අවස්ථාවට විදුහල්පති කේ.වී.ඒ.එල්. ඩයස්, ආදි ශිෂ්‍ය, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.