තුන් පිම්මෙන් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට
- 2019-04-24 11:14:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දොහාහි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂාන් සමත්වූවාය. විදූෂා තරගයේ පළමු අවස්ථාවේදී මීටර 13.40 ක් ද, දෙවැනි අවස්ථාවේදී මීටර 13.46 ක් ද, පැනීමට සමත් වූහ. තෙවැනි අවස්ථාවේ දී මීටර 13.53 ක පිම්මක් ප්‍රදර්ශනය කළාය. ඇයගේ සිවුවැනි සහ පස්වැනි පැනීම් අසාර්ථක විය. විදූෂා, කටාන ප්‍රදේශයේ පදිංචි ඇය මීගමුව නිව්ස්ටඞ් බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවකි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව හිමිකරගත් එකම සහ පළමු පදක්කම මෙය වේ.
ඡායාරූපය - The Papers.com
Reply To:
Name - Reply Comment
0 Comments