Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පිතිකරුවන්ගේ දක්ෂතා හේතුවෙන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ද. අප්‍රිකාව පරදා ලකුණු 49ක ජයක් හිමි කර ගැනීමට පාකිස්තානය සමත් විය. තරගාවලියේ 30 වැනි තරගය ලෙසින් මෙය ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (23දා) පැවැත්විණ.

මෙම පරාජයත් සමගින් දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානය දක්වා පහත බැසීමට සිදුවිය. මේ සමගින් මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවසන් බලාපොරොත්තුවත් ඔවුන්ට අහිමි විය.

ඔවුන් තරගාවලියේ තරග 07 කට සහභාගි වී මේ දක්වා ජය ගැනීමට හැකි වී ඇත්තේ එක් තරගයක් පමණක් වන අතර තවත් තරගයක් ජය පැරැදුමින් තොරව නිමා වී ඇත.

කෙසේ වෙතත් මෙම තරගයේ ජයත් සමගින් පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වූයේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දල්වා ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය සිය පන්දු වාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 308ක් රැස් කළහ. පාකිස්තානයට ලකුණු 81ක සාර්ථක ආරම්භයක් ලබා දීමට ඉමාම් උල් හක් හා ෆාකර් සමාන් සමත් විය.

අනතුරුව පාකිස්තාන ඉනිමට නව ජීවයක් ලබාදීමට මැදපෙළ පිතිකරුවන් සමත් විය. එහිදී බාබර් අසාම් ලකුණු 69 ක් රැස් කරමින් පාකිස්තාන ඉනිම ගොඩනැංවීය. පාකිස්තානු ඉනිම ලකුණු 300 සීමාවට පැමිණීමට මනා සහයෝගයක් ලබා දුන් හැරීස් සොහායිල් ඉනිමේ වැඩිම ලකුණු ලකුණු ලාභියා වූයේ පන්දු 59 කදී ලකුණු 89 ක් රැස් කරමිනි.

ඊට හතරේ පහර 09 ක් හා හයේ පහර 03 ක් ඇතුළත් විය. පාකිස්තානු පිතිකරුවන්ගේ වේගය පාලනය කළ ඉම්රාන් තාහීර් කඩුලු 02 ක් දවා ගත් අතර ලුන්ගි එන්ගිඩි කඩුලු 03ක් දවාලුවේය.

කෙසේ වෙතත් ලකුණු 309ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට පන්දුවාර 50 කදී කඩුලු 09ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 259ක් පමණි. ද. අප්‍රිකාවට අසාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉඩ නොදෙමින් හෂීම් අම්ලා ලකුණු 02කට දවා ගැනීමට මොහොමඩ් ආමීර් සමත් විය.

අනතුරුව ක්වින්ටන් ඩි කොක් හා නායක ෆෆ් ඩු ප්ලෙසි පන්දු 109කදී ඉවසිලිමත් ලකුණු 87ක සබඳතාවක් පැවැත්වුවත් අනවශ්‍ය පහරකට යාමෙන් කොක්ගේ දැවී යාමෙන් ද. අප්‍රිකානු ඉනිමේ කඩා වැටීමේ ආරම්භය විය. නායක ෆෆ් ඩු ප්ලෙසි ලකුනු 63 ක් රැස් කරමින් ද.අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුවද ද. අප්‍රිකානු ඉනිම ගොඩ ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.

ඉනිමේ අවසන් භාගයේදී ඇන්ඩිලේ ෆෙලුක්වායෝ හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 32 කදී ලකුණු 46ක් රැස් කළේය. පන්දුවෙන් ද. අප්‍රිකානු ඉනිම වැනසූ වහාබ් රියාස් හා ෂඩාබ් ඛාන් කඩුලු 03 බැගින් බිඳ හෙලීය.        

පාකිස්තානය  308/7 (පන්දුවාර 50)

හැරිස් සොහේල් 89 (59,4x9,6x3), බාබර් අසාම් 69 (80,4x7),  ෆාකර් සමාන් 44 (50,4x6,6x1), ඉමාම් උල් හක් 44 (58,4x6), ලුන්ගි එන්ගිඩි 3/64 (පන්දුවාර 09), ඉම්රාන් තාහීර් 2/41 (පන්දුවාර 10)                                                  

ද. අප්‍රිකාව 259/9 (පන්දුවාර 50)

ෆෆ් ඩු ප්ලෙසි 63 (79, 4x5), ක්වින්ටන් ඩි කොක් 47 (60, 4x3, 6x2), ඇන්ඩිලේ ෆෙලුක්වායෝ 46 (නොදැවී) (32, 4x6), රසී වැන්ඩර් ඩුසෙන් 36 (47, 4x1,6x1), වහාබ් රියාස් 3/46 (පන්දුවාර 10), ෂඩාබ් ඛාන් 3/50 (පන්දුවාර 10)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.