දකුණු ආසියානු 15න් පහළ බාලිකා පාපන්දු තරගාවලියශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි
- 2018-08-07 13:58:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු ආසියානු 15න් පහළ බාලිකා පාපන්දු තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා බාලිකා පාපන්දු කණ්ඩායම අද (07දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. තරගාවලිය එළඹෙන 09 වැනිදා සිට භූතානයේ තිම්පු නුවරදී පැවැත්වේ. තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06ක් සහභාගි වේ.
23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කවිසිගමුව මහා විද්‍යාලයේ උත්පලා ජයකොඩිට හිමිවී ඇති අතර, පොළොන්නරුව බැඳිවැව ම.ම. විද්‍යාලයේ නිමේෂා බණ්ඩාරට උපනායකත්වය හිමිවී ඇත.
තරගාවලිය එළඹෙන 18 වැනිදා දක්වා චැලිමිතැන්ග් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව තරගාවලියේ %ඒ^ කාණ්ඩයෙන් ක්‍රීඩා කරයි. පසුගිය වර්ෂයේදී (2017) ආරම්භ වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් සහභාගි නොවීය.
Reply To:
Name - Reply Comment
0 Comments