දිමුත් ටෙස්ට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරීමට
- 2019-08-20 18:18:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිය ටෙස්ට් දිවියේ ඉහළම ශ්‍රේණිගත කිරිම සටහන් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමිනි.
ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදි ශතකයක් වාර්තා කරමින් ඔහු දැක්වූ දක්ෂතාව අනුව මෙසේ තම ටෙස්ට් ජීවිතයේ පළමු වරට දිමුත් ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණියේය.
ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ද ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට පැමිණ 14 වැනි ස්ථානයට පත්ව තිබේ. මීට අමතරව නිරෝෂන් දික්වැල්ල 33 වැනි ස්ථානයටත්, ළහිරු තිරිමාන්න 95 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබේ.
ටෙස්ට් පිතිකරුවන් අතර ලෝකයේ අංක එක ඉන්දීය නායක විරාත් කෝලිට හිමිව තිබේ.
ටෙස්ට් පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ සුරංග ලක්මාල්ය ඔහු 30 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
මීට අමතරව අකිල ධනංජය 36 වැනි ස්ථානය දක්වාත්, ලසිත් ඇඹුල් දෙණිය 69 වැනි ස්ථානය දක්වාත්, ධනංජයද සිල්වා 77 වැනි ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ තිබේ.
පන්දු යවන්නන් අතර මුල් ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ය.
Reply To:
Name - Reply Comment
0 Comments