දිමුත් - මාලිංග ඇතුළු 10ක් පාකිස්තාන තරගාවලියට නෑ
- 2019-09-10 11:26:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එක්දින තරග තුනකින් හා විස්සයි20 තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයෙන් ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න, විස්සයි20 නායක ලසිත් මාලිංග ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් 10 දෙනෙක් ඉවත්වීමට තීරණය කර තිබේ.
ඔවුන් දෙදෙනාට අමතරව නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්,ධනංජයද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට එක්නොවීමට තීරණය කර තිබේ.
කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇති හෙයින් ඔහුට මෙම තරගාවලිය අහිමිවී තිබේ.
මෙම ක්‍රීඩකයන් නොමැතිව පාකිස්තාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments