දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා
- 2018-06-25 12:30:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයටත් වර්ෂාවෙන් බාධා ඇතිවිය.
දෙවැනි දිනයට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 99ක් රැස්කරගෙන සිටියේය.
කොදෙව්වන් පළමු ඉනිමට ලකුණු 204ක් රැස්කළේය. නායක ජේසන් හෝල්ඩර් (74) හා ෂෙන් ඩොව්රිච් (71) අර්ධ ශතක රැස්කරමින් සිය කණ්ඩයම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 4ක් දවාගත් අතර කසුන් රාජිතද කඩුලු තුනක් දවාගත්තේය.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙක ලකුණු 16ක් තුළ දවා ගනිමින් කොදෙව්වන් තරගයට අවතීර්ණ විය. කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක (29) හා කුසල් මෙන්ඩිස් (22) එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් පැවැත්වීය. ඉන් අනතුරුව තවත් ලකුණු 10කදී කඩුලු තුනක් දවා ගැනීමට කොදෙව්වන් මත්විය. දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් තරගය නිමා කරන විට පන්දුවා 36කදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 99ක් රැස්කරගෙන සිටියේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments