ධනුෂ්කගේ තරග තහනම ලිහිල් කරයි
- 2017-10-18 12:29:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ජාත්‍යන්තර තරග 6 ක තහනම සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ධනුෂ්ක නියෝජනය කරන සිංහල ක්‍රීඩා සමාජය (එස්. එස්. සී.) විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනාවක් සලකා බැලීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනය ඔහුට එරෙහිව පනවා තිබූ දඬුවම තරමක් ලිහිල් කිර තිබේ.
ඒ අනුව ඔහුට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තරග 6 ක තහනම තරග 3 ක් දක්වා අඩු කිරීමටත්, ඉතිරි තරග 3 ක තහනම වසරක කාලයක් සඳහා අත්හිටුවීමටත් ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඉදිරි වසර තුළදී ඔහු නැවත වරක් විනය කඩ කිරීමකට හෝ ක්‍රීඩක ගිවිසුමේ කොන්දේසි උල්ලංගණය කිරීමට වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිව පනවා ඇති අත්හිටවූ තරග 3 ක තහනමද යළි ක්‍රියාත්මක වනු ඇත.
කෙසේ වුවත් ඔහුගේ වාර්ෂික ක්‍රීඩක ගිවිසුමෙන් 20% ක් මුදලක් දඩ වශයෙන් අයකර ගැනීමට ගත් තීරණය වෙනස් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර නොමැත.
ඉන්දීයාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය අනතරතුරදී විනය විරෝධී ලෙස හැසිරීම නිසා ධනුෂ්ක ජාත්‍යන්තර තරග 6 ක තහනමකට ලක් වූ අතර ඒ හේතුවෙන් ඔහුට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයේද ස්ථානයක් හිමි නොවීය.
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරග කිහිපය සඳහා හෝ විස්සයි20 තරගාවලිය සඳහා නැවතත් කණ්ඩායම කැඳවීමේ අරමුණින් ධනුෂ්කගේ දඬුවම ලිහිල් කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.
මේ වන විට එක්දින තරග 28 කට සහභාගි වී ඇති ගුණතිලක එහිදී ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 886 ක් රැස්කර ගෙන සිටියි. මේ වසරේ ජූලි මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව රැස්කළ ලකුණු 116 ගුණතිලකගේ හොඳම එක්දින ඉනිම ලෙස සටහන්වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 32.81 ක අගයක් ගනියි.
(ලංකාදීප ඇසුරිනි)
Reply To:
Name - Reply Comment
0 Comments