ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක්
- 2018-07-23 11:06:11
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩක විනය නීති උල්ලංගණය කර ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (22දා) නිවේදනය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරණය විසින් ධනුෂ්ක ගුණතිලක ක්‍රිකට් ආයනයේ ක්‍රීඩක විනය සංග්‍රහයේ වගන්ති උල්ලගණය කර තිබෙන බව දන්වා තිබේ.
මේ වනවිට ක්‍රිකට් ආයතනය විසින් ධනුෂ්ක සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් සිදුකරන අතර, එහි අවසන් තීරණය ඊයේ (22දා) රාත්‍රිය වනතුරුත් ප්‍රකාෂයට පත්කර නොතිබුණි.
කෙසේ නමුත් දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජාත්‍යන්තර තරග තහනම ක්‍රියාත්මක බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම ටෙස්ට් තරගයට අදාල ක්‍රීඩක ගාස්තුවද පරීක්‍ෂණය අවසන් වනතෙත් රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය පියවරගත් බවයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments