Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වයස 19න් පහළ බාලක ශූරතාව නාත්තණ්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විදුහලත්, එම අංශයේ බාලිකා ශූරතාව ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයත් දිනාගනිමින් %ඩී.එස්.අයි. පාසල් වොලිබෝල්^ තරගාවලිය මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පසුගියදා (04දා) නිමාවට පත්විය.

වයස් කාණ්ඩ 05ක් යටතේ බාලක බාලිකා අංශයෙන් මෙම තරග පැවැත්වුණු අතර, එහිදී  තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් 19න් පහළ බාලක අවසන් තරගයේදී ධම්මිස්සර විදුහල් කණ්ඩායම විසින් රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායම පරාජයට පත්කළේ තරග වට 3-0ක් (25-22, 25-22, 25-22) ලෙසිනි. ධම්මිස්සර විදුහල මෙහි ශූරතාව දිනා ගත්තේ අඛණ්ඩව දෙවැනි වරට වීම විශේෂත්වයකි. මෙහි තෙවැනි ස්ථානය මාරවිල ශා. සේවියර් විදුහල විසින් දිනා ගනු ලැබීය.

මේ අතර බාලිකා අවසන් තරගයේදී ආණමඩුව මධ්‍ය මහා විදුහල විසින් මහඋස්වැව රත්නපාල විදුහල තරග වට 3-0ක් (26-24, 25-18, 25-20) ලෙස පහසුවෙන් පරාජයට පත් කළේය. මෙහි තෙවැනි ස්ථානය ගලිගමුව මධ්‍ය මහා විදුහල විසින් දිනා ගන්නා ලදී.

මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ධම්මිස්සර විදුහලේ මහේල ඉන්දීවර සම්මාන දිනා ගත් අතර, දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙසින් ආණමඩුව විදුහලේ දිනූෂා දිල්රුක්‍ෂි සම්මාන දිනාගත්තාය.

තරගාවලියේ 11න් පහළ බාලිකා ශූරතාව අම්පාර උහන තිස්සපුර විද්‍යාලයත්‍ (අනුරාධපුර සියඹලාගස්වැව මැදගම විද්‍යාලය තරග වට 2-0 ක් ලෙස පරදා), 11න් පහළ බාලක ශූරතාව හලාවත රදගුරු එඩ්මන්ඩ් පීරිස් විදුහලත් (නාත්තණ්ඩිය ජනාධිපති විදුහල තරග වට 2-0ක් ලෙස පරදා), 13න් පහළ බාලිකා ශූරතාව අම්පාර උහන තිස්සපුර විද්‍යාලයත් (ත්‍රිකුණාමලය ජාතික පාසල තරග වට 2-0ක් ලෙස පරදා), 13න් පහළ බාලක ශූරතාව ඉඹුලාන ශ්‍රී සේන මහා විද්‍යාලයත් (රුවන්වැල්ල රාජසිංහ විදුහල තරග වට 2-0ක් ලෙස පරදා), 15න් පහළ බාලිකා ශූරතාව අම්පාර උහන තිස්සපුර විද්‍යාලයත් (කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලය තරග වට 3-0ක් ලෙස පරදා), 15න් පහළ බාලක ශූරතාව වෙන්නප්පුව ජෝශප්වාස් විදුහලත් (මාරවිල ශා. සේවියර් විදුහල තරග වට 3-2ක් ලෙස පරදා), 17න් පහළ බාලිකා ශූරතාව හුංගම විජයබා ජාතික පාසලත් (ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලය තරග වට 3-0ක් ලෙස පරදා), 17න් පහළ බාලක ශූරතාව රුවන්වැල්ල රාජසිංහ විදුහලත් (මාරවිල ශා. සේවියර් විදුහල තරග වට 3-0ක් ලෙස පරදා) හිමි කර ගත්හ.

කණ්ඩායම් 4000කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ මෙම තරගාවලිය අදියර තුනක් යටතේ පැවැත් විණි. ජාතික වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් 'ඩී.එස්. අයි.' පුද්ගලික සමාගම ක්‍රියා කළේය.

ඕෂිත වරකපිටිය

 

 

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.