Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මාතර රාහුල විද්‍යාලය පරාජය කරමින් 04 වැනි %රාහුණු මායා සටන^ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් ලැබීමට පන්නිපිටිය ධර්මාපාල විද්‍යාලය සමත් විය.

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ධර්මපාල විද්‍යාලය පන්දුවාර 50 තුළදී කඩුලු 09ක් දැවී ලකුණු 215ක් රැස්කිරීමට සමත් විය. විහඟ ගුණරත්න අර්ධ ශතකයකින් (55) ධර්මපාල ඉනිම ශක්තිමත් කළ අතර, අවිශ්ක හසරින්ද (36) හා මලිත් සඳකැළුම් (25) පිත්තෙන් දක්‍ෂතා දැක්වූහ. රාහුල විද්‍යාලය වෙනුවෙන් තිමිර චන්දික (3/32) හා චමුදිත ඩිල්ෂාන් (3/45) කඩුලු 03 බැගින් බිඳලමින් දක්‍ෂතා දැක්වූහ.

මෙහිදී ලකුණු 216ක ඉලක්කයක් හඹාගිය රාහුල විද්‍යාලයට පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 204ක් පමණය. චමුදිත නිශාන් (42) හා සසිඳු අවිශ්ක (41) කණ්ඩායමේ ඉහළම ලකුණුලාභීන් වුවත්, ඔවුන්ට රාහුල ඉනිම ජයග්‍රහණය කරා රැගෙනයාමට නොහැකි විය. දුලාජ් එගොඩගේ (3/32) තරගය රාහුල විද්‍යාලය දෙසට ගෙන ඒමට ප්‍රබල උත්සාහකයක් දැරීය.

ධර්මපාල විද්‍යාලය 215/9 (පන්දුවාර 50)

විහඟ ගුණරත්න 55, අවිශ්ක හසරින්ද 36, මලිත් සඳකැළුම් 25, තරිඳු සඳරුවන් 24, ලක්‍ෂිත පුරසිංහ 23, තිමිර චන්දික 3/32, චමුදිත ඩිල්ෂාන් 3/45, සසිත් මනුරංග 2/38

රාහුල විද්‍යාලය 204/10 (පන්දුවාර 49.5)

චමුදිත නිශාන් 42, සසිඳු අවිශ්ක 41, පහන් බණ්ඩාර 24, දුලාජ් එගොඩගේ 3/32, තරිඳු සඳරුවන් 2/25

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.