නඩත්තු මඩුවක සිට ගොල්ෆ් වලින් ඉදරියට එන නේපාල ක්‍රීඩිකාව
- 2017-09-19 14:36:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සුඛෝපභෝගී නිවාසයක ඇති නානා කාමරයක් තරම් විශාල නොවූ මඩුව ඔවුන්ගේ නිවසයි. නේපාලයේ කත්මන්ඩු නුවර රෝයල් ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ සේවය කරන තිදෙනෙකුගෙන් යුතු පවුලේ නිවස මෙම මඩුවයි. පියා හා මව රෝයල් ගොල්ෆ් ක්‍රීඩා සමාජයට සිය සේවය ලබාදෙන අතර ඔවුන්ගේ දියණිය ඉගෙනුම ලබනවාට අමතරව ගොල්ෆ් ක්‍රීඩාවේද නිරත වෙයි.
නමුත් ඇය සාමාන්‍ය ගොල්ෆ් ක්‍රීඩිකාවක් නොවීම විශේෂත්වයකි. නේපාලයේ සිටින දක්ෂතම කාන්තා ගොල්ෆ් ක්‍රිඩිකාව ඇයයි. අය නමිල් ප්‍රාතිමා ෂේප්ලා වන අතර ඇයගේ වයස අවුරුදු 18කි.
ප්‍රාර්තිමා පිළිබඳව නේපාලයේ වැඩි කතාබහක් ඇතිවන්නේ ඇය නේපාලයේ කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වලදී අංක එකේ ස්ථානයට පැමිණීමට සමත්වීම හේතුවෙනි.
ඒ සමගින් ඇයගේ සිහිනයට බවට පත්ව ඇත්තේ නේපාලයේ පළමු කාන්තා වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩිකාව බවට පත්වීමය.
“අනෙක් රටවල් සමග බලපුවාම නේපාලය කුඩා රටක්. ඒ වගේ රටක අපි වැනි දුප්පත් අයට ගොල්ෆ් ක්‍රීඩා කරනවා කියන්නෙ විශාල අභියෝගයක්. නමුත් මට ගොල්ෆ් ක්‍රීඩා කරන්න විශාල අවස්ථාවක් ලැබී තිබෙනවා. මට ඒ අවස්ථාව ලැබීම ගැන දැනෙන්නේ විශාල සතුටක්. මට ශ්‍රේෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩිකාවක වීමට අවශ්‍යයි” ප්‍රාර්තිමා පවසයි.
ප්‍රාර්තනා ගොල්ෆ් ක්‍රීඩාවෙන් දක්ෂතා දැක්වීමත් සමගින් නේපාලයේ බොහෝ ගොල්ෆ් ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව අවස්ථා උදා වී ඇත. මෙම දුප්පත් ගොල්ෆ් ක්‍රීඩිකාව වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා teampratima.com නමින් වෙබ් අඩවියක්ද නිර්මාණය කර තිබේ. මිලියන 29ක ජනගනයක් වෙසෙන නේපාලයේ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස ලියාපදිංචි වී ඇත්තේ 700ක පිරිසකි.
“මට නේපාලය තුළ ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට අවශ්‍යයි. මට ගොල්ෆ් ක්‍රීඩාවට යමක් දෙන අතරේම දුප්පත් දරුවන්ට ගොල්ෆ් ක්‍රීඩා කිරීමට අතහිත දෙන්නත් ඕනෑ” යැයි ඇය පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී (සී.එන්.එන්. ඇසුරෙනි)
Reply To:
Name - Reply Comment
0 Comments