නවසීලන්තයට කඩුලු 10 ක ජයක්
- 2019-06-01 20:25:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී අද (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක් අත්කරගත්තේය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට ඕවර 29.2කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136ක් පමණි. නවසීලන්ත කණ්ඩායම ඕවර 16.1 කදී කිසිවකු නොදැවී ලකුණු 137 ක් ලබාගත්තේය
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට ඕවර 29.2කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136ක් පමණි. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රි ලංකාවට ලබාදුන්නේය. ශ්‍රී ලංකා කණ්ඩායම - ළහිරු තිරිමාන්න, දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා,ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග ඇතුලත්ය.
පළමු තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම පරජයට පත්වුවත් ඉදිරි තරගවදීලදී ප්‍රෙක්ෂකයන්ගේ සහාය බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සඳහන් කරයි. තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදී දරුණු පරාජයක් ලැබීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“හැමකෙනෙක්ම මෙහාට ආවේ (කාඩිෆ්) හොඳ තරගයක් බලන්න. ඔවුන් ගොඩක් දුර ඉඳන් ඇවිත් තිබුණා. ඔවුන්ගේ මුදල් වියදම් කරමින්. අපි ඔවුන්ට හොඳ තරගයක් ලබාදිය යුතුව තිබුණා. පැරදීම එක දෙයක්. නමුත් අපි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තරග කළ යුතුව තිබුණා.
ඔබ ලකුණු 130ක් නම් රැස්කරන්නේ එය තරගයක් නෙමෙයි. පෞද්ගලිකව ගොඩක් අය අපිට සුබ පැවැතුවා. පළමු තරගයේදී හොඳින් කරන්න සුබ පැතුවා. හැමකෙනෙක්ම මේ තරගයේ සිට ඉදිරියට යන්නයි බලාපොරොත්තු වුණේ.
අපි ප්‍රේක්ෂකයන්ට ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ සහාය අපිට වැදගත්. අපිට තවත් තරග අටක් තිබෙනවා. අපි නැවත ඇවිත් තරගයක් දිය යුතුයි. අපි එක තරගයක් ජයගත හොත් අපි ඉදිරියට යනවා.
අපිට ලැබෙන සහාය ඉතාමත් වැදගත්. මොකද කණ්ඩායමේ ඉන්නේ 15 දෙනයි. අපිත් එක්ක ගමන් යන්නේ 30යි.”
Reply To:
Name - Reply Comment
0 Comments