නවසීලන්තයට පළමු පරාජය
- 2019-06-27 14:14:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බාබර් අසාම්ගේ පිතිහරඹය හා ෂාහින් අෆ්රිඩිගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ ලෝක කුසලාන එක්දින තරගාවලියේ අපරාජිත නවසීලන්තය කඩුලු 07 කින් පරාජය කිරීමට පාකිස්තානය සමත් විය. තරගාවලියේ 33 වැනි තරගය ලෙසින් මෙය බර්මින්හැම් හිදී ඊයේ (26දා) පැවැත්විණ. මේ සමගින් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි ස්ථානයට පත්වීමට පාකිස්ථානය සමත් විය. ඒ ශ්‍රී ලංකාව අබිබවා යමිනි.
ලකුණු 238ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිතිකරුවන් සිය ඉනිමේ තවත් පන්දු 05ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසු කර ගියේ කඩුලු 03ක් පමණක් දැවී තිබියදීය. කෙසේ නමුත් පාකිස්තානු පළමු කඩුලු ද්විත්වය ලකුණු 44දී බිඳ වැටුණු අතර ඉන් අනතුරුව පාකිස්තානය ජයග්‍රහණය වෙත රැගෙන ගිය බාබර් අසාම් නොදැවී ශතකයක් වාර්තා කළේ සිය එක්දින දිවියේ 10 වැනි ශතකය සනිටුහන් කරමිනි.
සිය මංගල ලෝක කුසලාන ශතකය වාර්තා කළ බාබර්, මෙහිදී සිය එක්දින ලකුණු තුන් දහසේ සීමාවද ඉක්මවා ගියේය. ඒ එම සීමාව දෙවැනි අඩුම ඉනිම් ගණනකින් (67) වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වෙමිනි. එහි පෙරමුණ ද. අප්‍රිකාවේ හෂිම් අම්ලාට (ඉනිම් 57) හිමි වී ඇත.
බාබර්ට අගනා සහයක් ලබා දුන් හැරිස් සොහායිල් ලකුණු 68ක් වාර්තා කළේය. මෙහිදී නවසීලන්ත නායක කේන් විලියම්සන්ට පන්දු යවන්නන් 08 දෙනෙකුද යොදා ගන්නට සිදුවිණ. එහෙත් එය සාර්ථක නොවුණු අතර මෙතෙක් තරගාවලියේ පිතිකරුවෙකු ලෙස සාර්ථක වූ කේන් විලියම්සන්ද පන්දුවාර 08 කදී ලකුණු 39 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ එක් කඩුල්ලක් දවා ගනිමිනි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. නමුත් එම තීරණය අභියෝගයට ලක් කළ පාකිස්තානු පන්දු යවන්නෝ නවසීලන්ත පිතිකරුවන් පස් දෙනෙකුම ක්‍රීඩාගාරයට හරහා යැවීමට සමත් වූයේ පන්දුවාර 26.2කදී ලකුණු 83 ක් පමණක් ලකුණු පුවරුවේ සටහන් වෙද්දීය. මෙහිදී නිමා වූ සෑම තරගයකම පාහේ නවසීලන්ත නැංගුරම වූ කේන් විලියම්සන්ට පවා රැස් කර ගත හැකි වූයේ ලකුණු 41ක් පමණි.
කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියේ එක්වූ ජේම්ස් නීෂාම් හා කොලින් ඩි ග්‍රෑන්හෝම් සිය වගකීම් මනාව හඳුනා ගනිමින් හයවැනි කඩුල්ලට පන්දු වාර 28කදී ලකුණු 132 ක් එක් කළේ ලකුණු 200 සීමාවට නවසීලන්තය රැගෙන එමිනි. ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ජේම්ස් නීෂාම් පන්දු නොදැවී ලකුණු 97 ක් රැස් කළේ සිය එක්දින දිවියේ 06 වැනි අර්ධ ශතකය වාර්තා කරමිනි. එය ඔහුගේ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව විය. ඔහුට අගනා සහයක් වූ කොලින් ඩි ග්‍රෑන්හෝම් හතරේ පහර 06 ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 64 ක් රැස් කළේය.
පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ෂාහීන් අෆ්රිඩි, සිය පන්දුවාර 10 අවසන කඩුලු 03ක් දවා ගත්තේ ලකුණු 28ක් පමණක් ලබා දෙමිනි.
නවසීලන්තය 237/6 (පන්දුවාර 50)
ජේම්ස් නීෂාම් 97(නොදැවී) (112, 4x5,6x3), කොලින් ඩි ග්‍රෑන්හෝම් 64 (71, 4x6,6x1), කේන් විලියම්සන් 41 (69, 4x4), ෂාහින් අෆ්රිඩි 3/28(පන්දුවා 10), ෂදාබ් ඛාන් 1/43 (පන්දුවාර 10)
පාකිස්තානය 241/3 (පන්දුවාර 49.1)
බාබර් අසාම් 101 (නොදැවී) (127, 4x11), හැරිස් සොහායිල් 68 (76, 4x5,6x2),මොහොමඩ් හෆීස් 32 (50, 4x5), ට්‍රෙන්ට් බෝල්ට් 1/48 (පන්දුවාර 10), කේන් විලියම්සන් 1/39 (පන්දුවාර 08)
Reply To:
Name - Reply Comment
0 Comments